Skip to main content

Posts

Showing posts from December, 2018

මොළය තරුණ කරන පෝෂණ ගබඩාව නිවිති - (Basella alba)

විටමින් K A B1 B2 B6 C E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්, පොස්පරස්, පොටෑසියම්, සිලේනියම් සින්ක් ඔමේගා3 තඹ ආදි පෝෂක ගණනාවක්, හා ප්‍රතිඔක්සිකාරක ගුණ, වැල් නිවිතිවල අඩංගුයි. සමාන ගුණැති කොළ හා රතු ප්‍රභේද දෙකක් වන අතර වඩා ප්‍රචලිත කොළ වර්ගයයි. වෙද පොතේ නිවිති හඳුන්වන්නේ කෙඳි, ලෝහ ලවණ සිරුරට මනාව ලබා දෙන ,වාත පිත සමනය කිරීමේ අපූරු හැකියාවක් ඇති ඖෂධිය ගුණ ඇති, පැළෑටියක් ලෙසටයි. ,එය පෝතකී නම් වන අතර නින්ද ලබා දීමේ හැකියාවක් ඇති බැවින් මෝහිනී ලෙසද හඳුන්වනු ලබනවා. රෝග දුරලන්නක් මෙන්ම ව්ෂනාශකයක්, දාහය නිවන්නක් , මුත්‍රාකාරකයක් තාරුණ්‍යය රඳවා තබන්නක් ලෙස ද සිරුරේ ක්‍රියාත්මකවනවා තැම්බූ නිවිති කෝප්පයකින්, දිනකට සිරුරට අවශ්‍ය වන යකඩ වලින් 37 % ක් ලැබෙනවා. ඉන් ලේ වඩමින් රක්ත හීනතාව දුරු කරනවා. අස්ථි පද්ධතිය ශක්තිමත් කරන K විටමින් විශාල වශයෙන් එහි අඩංගුයි. එසේම A විටමින් මැග්නීසියම් හා ෆෝලේට්

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ

නිරෝගි කමත් තරුණපෙනුමත් කැඳවන බුද්ධි වර්ධකය උළුහාල්

මුළුතැන්ගෙයි කුළුබඩු අතර හිඳ , හොද්ද වෑංජනය රසවත් කිරීමටත්, කැඳ වර්ග ගුණදායක කිරීමටත්, උදව්වන උළුහාල් වල හැබෑ වටිනා කම තව ම ඔබ නොදන්නවා විය හැකියි. විටමින් සී හා පොටෑසියම් වලින් පොභොසත්, යකඩ කැල්සියම් සින්ක් කොපර් සෙනිලියම් ඛනිජ වර්ග තයොමින් මියසින් ෆෝලික් අම්ලය වැනි පෝෂක අඩංගු, උළුහාල් ඈත අතීතයේ සිට ම රෝග නිවාරණයට යොදා ගැනුණා. දිය වැඩියාව , ඇදුම , ආතරයිටීස් , අම්ල පිත්ත, රෝගය රක්තහීනතාව කොලෙස්ටරෝල් සම මත වණ තුවාල පිළිස්සීම්, මාන්දම, ස්නායු රෝග, කටී වායුව සිහි කල්පනාව අඩු වීම වැනි රෝග රාශියකට උළුහාල් ගුණදායකයි. ඒවා සිරුරේ ප්‍රදාහ තත්ත්වයන් බැහැරකර සන්ධි වේදනා මැඩ පවත්වනවා. කෙඳි සහිත බැවින් මල බද්ධයට නැති කර ආහාර දිරවීම පහසු කරනවා. මෙහි ඇති වස විස ඉවත් කිරීමේ ශක්තිය නිසා බඩවැල් පිළිකා වලට ඉඩ නැතිවෙනවා. අඩංගු සංයෝග මගින් ඉන්සියුලින් නිපදවීම වර්ධනය කෙරෙන බැවින් දිය වැඩියාව පාලනය වෙනවා. ෆෝලික් අම්ලය නිසා උළ

සිරුර නිරෝගි කරන ශක්ති කාරකය වියළි මිදි

යකඩ කැල්සියම් පොටෑසියම් ප්‍රෝටින් කාබොහයිඩ්‍රේට් සින්ක් , විටමින් C K A B වැනි විවිධ පෝෂණ සංඝටක වලින් පොහොසත් වියළි මිදි, ප්‍රති ඔක්සිකාරක ගුණ සපිරි වටිනා ආහාරයක්. එහි ග්‍රෑම් 100ක් කිලෝ කැලරි 299 කින් යුක්තයි. එය ආයුර්වේදයේ බොහෝ රෝග වලට ප්‍රතිකාර සඳහා යොදා ගැනෙනවා. සෙම් රෝග සඳහා ප්‍රති ජීවක ගුණ ලබා දෙමින් සෙම් රෝග සමනය කර දෙනවා. නිරෝගි පුද්ගලයන්ටද ඒ ආහාරයට ගැන්මෙන් බොහෝ රෝගවලින් වැළැකිය හැකි බව සඳහන්. එය බැක්ටීරියා හා වයිරස් රෝග වළක්වන්නක්. වියළි මිදි දිනපතා ආහාරයට ගැන්මෙන් ප්‍රතිලාභ රාශියක් අත්කර ගත හැකියි. ඒවායේ ඇති පෘක්ටෝස් හා ග්ලූකෝස් ක්ෂණික ශක්තිය වඩන බැවින් මලල ක්‍රීඩකයන්ට ඉතා හිතකරයි. එසේ ම බහුලව ඇති මැග්නීසියම් පොටෑසියම් සිරුරේ ආම්ලිකතාවට පිළියමක්. වියළි මිදි හදවත් රෝග අක්මා රෝග, ආතරයිටීස් හා වකුගඩු රෝග, වැළඳීමේ අවදානම අවම කර දෙනවා. එහි ඇති පොලිපිනෝල් පිළිකාවලට එරෙහිව ක්‍රියාකරන්නක් බැවින් පිළිකා පාලනය කිරීමට උපකාරයක්වෙනව

විස දුරලන සිසිලකර දිවඔසුව කතුරුමුරුංගා- (Sesbania grandiflora)

සැරයි උෂ්ණයි කියා අප කෑමට මැලිකරන ,දෙල්, බලමාළු ඉස්සන් වැනි ආහාර වල ඇති විෂ ගති දුරුකර, ඒවායේ රස ගුණ ලබාදෙන්නට උපකාරි වන ඇන්ටිහිස්ටමින් ගුණ සපිරි කතුරු මුරුංගා, තොල කට පැලීම්, වණවීම් මුඛ ආසාදන ඉක්මනින් සුවකිරීමේ හැකියාවක් ඇති සුවිශේෂ ඖෂධීය ශාඛයක් . දකුණු ඉන්දියානු ප්‍රභවයකින් ‍යුතු ශාකය ආසියාවේත් ඔස්ට්‍රේලියාවේත් දක්නට ලැබෙනවා. නිල්, කහ මල් ද ඇති, එහෙත් වැඩි වශයෙන් සුදු හා ,රතුමල් දක්නට ලැබෙන එය A B, විටමින් , යකඩ, කැල්සියම්, තන්තු ආදී පෝෂක ගණනාවක් අඩංගුවූවක්. බැක්ටීරියා වෛරස් වලට එරෙහි, ප්‍රති ජීවක ශක්තියෙන් පොහොසත් වූවක්. සංස්කෘත ග්‍රන්ථවල වක්‍ර පුෂ්ප අගස්ති, නම්වලින් හැඳින්වෙනවා. සිසිල් ගුණයෙන් යුක්තයි. වා සෙම් පිත් සමනය කරන්නක්, ඇස්පෙනීම වර්ධනය කරන්නක්, අසාමාන්‍ය රුධිර වහනයන් වළකන්නක්, මෙන් ම සිරුරේ බාහිර අභ්‍යන්තර රෝග තත්ත්වයන් ද වළකාලන්නක් . මුනිශාක තෛලය සිඳීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යය වන්නේද කතුරු මුරුංගා කොළයි. කොළ මල්, මුල්, ඇට, කරල්

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ

සැර වුණත් රස ගුණ දෙන මහෞෂධය - ඉඟුරු (zingiber officinale)

සිරුර අධික ලෙස වෙහෙසීමෙන් ඇතිවන පේශි ඉදිමුම 25%කි න් අඩුකරලීමට, දිනපතා ඉඟුරු ග්‍රෑම් 2 බැගින් ගැනීමෙන් හැකිවන බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. උතුම් ඖෂධය, මහෞෂධය, ලෙස හඳුන්වනු ලබන ඉඟුරු අපේ වෛද්‍යක්‍රමවල රෝග ප්‍රතිකාර සඳහා ,බෙහෙවින් යොදා ගැනෙන්නක්. එය විටමින් C, B6, මැග්නීසියම්, පොටෑසියම්, කොපර් මැංගනීස්, හා ප්‍රති ඔක්සිකාරක ගුණ සපිරි වට්නා ඖෂධයක්. කුළුබඩුවක් ලෙස මස් මාළු පිසීමටත්, ඉඟුරු දෝසි ආදි රසකැවිලි සැකසීමටත් යොදාගන්නා අතර travel sickness රෝගීන්ට සහන සළසන පලදායි උදව්කරුවකු ලෙස ද හැඳින්විය හැකියි. ආහාර රස ගැන්වීම මෙන්ම, තේ කෝප්පය රසවත් කිරීමටත් ඉඟුරු යොදා ගන්නා අතර එමගින් බොහෝ රෝග පීඩා සංසිඳෙනවා. දිනපතා උදෑසන ඉඟුරු තේ එකක් බීම අස්ථි නිරෝගි වීමට හේතුවන බව සඳහන් . ප්‍රෝටීන් සහ මේදය බහුල ආහාරවලට ඉඟුරු එක්කර පිසීමෙන්, ඒවායින් ඇතිවිය හැකි උදරාබාධ වළකිනවා. අමු ඉඟුරු යුෂ මීපැණි හා දෙහි සමග මිශ්‍ර කර දීමෙන් අජීර්ණ සුවවනවා. ජීර්ණයට හා ආමාශය

සර්වරෝග නිවාරණය ට දිව්‍ය ඖෂධය ගොටු කොළ (Centella asiatica)

ගොටු කොළ මිටක යුෂ ගෙන ඊට මීපැණි හැන්දක් මුසුකර දිනපතා උදෑසන පානය කිරීමෙන් සර්වරෝග නිවාරණය වීමේ ශක්තියක් උපදින බව සඳහන් වෙනවා. ඉන් සිරුර සුවපත්වීමෙන් දීර්ඝායුෂත් හිමිවන බව සඳහන්.ගොටුකොළවල ඇති දිව්‍යමය ඖෂධ ගුණ නිසා සංස්කෘත පොත් වල එය හඳුන්වා දෙන්නේ 'දිව්‍ය මහ ඕෂධී' යන නමින්. එසේම බ්‍රහ්ම මංඩුකී ලෙස ද නම් කෙරෙනවා. බ්‍රහ්මී තෛලය සිඳින්නේ ත් ගොටුකොළ මූල ද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින්. සලාද සම්බෝල ලෙස අමුවෙන් ආභාරයට ගැනීම වඩා පලදායකයි. මැල්ලුමක් වෑංජනයක් ලෙසත් සකසා ගත හැකියි. කැඳ ,හා යුෂ, ලෙස, පානය කරන්නත් හැකියි. නිතර ආහාරයට ගැන්මෙන් සිරුරට බොහෝ වාසි අත් වනවා විටමින් බහුල ගොටුකොළ, යකඩ කැල්සියම් ප්‍රෝටීන් පොටෑසියම් පොස්පරස් , නියැසින්, තයමින්, බීටා කැරොටීන් ආදි පෝෂක ගණනාවකින් පොහොසත් . ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතයි. එය ප්‍රතිශක්තිය වර්ධනය කරන්නක් ,විෂ දුරුකරන්නක් මෙන්ම ආහාර රුචිය හා මතකය ද වඩන්නක් . ගොටුකොළ මොළයේ ස්නායු තන්තු

සුවඳින් මතකය වඩන රසකාරකය කුරුඳු-(Cinnamomum verum).

සමීපයේ රඳවා ගැන්මෙන් එහි සුවඳින් ම මොළයේ හා සිරුරේ ක්‍රියාකාරිත්වත් අධිෂ්ඨාන ශක්තියත් වර්ධනය කර දෙන අපූරු රසකාරකයක් ගැන ඔබ අසා තිබෙනවා ද? ඒ ලෝකයේ අංක එකේ කුළුබඩුව ලෙස හැඳින්වෙන කුරුඳු පොතුයි. මුළුතැන් ගෙවලත් බේකරිවලත් විවිධ ආහාර රස ගුණ සුවඳ ගන්වන කුරුඳු, පෝෂණ හා ඖෂධිය ගුණ පිරි ශාකයක්. යකඩ මැන්ගනිස් කැල්සියම් හා තන්තු බහුලව පවතින්නක්, එසේ ම විටමින් C K A E ප්‍රෝටින් පොටෑසියම් පොස්පරස් ආදි තවත් පෝෂකවලින් ද යුක්තවූවක්. කුඩු තේ හැඳි දෙකක කිලෝ කැලරි 27.4 ක ශක්තිය අඩංගුයි. ප්‍රතිඔක්සිකාරක ගුණ මනින ORAC ගණනය අනුව ලොව අංක එකේ ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ප්‍රභවය වන්නේ ද කුරුඳුයි. ආයුර්වේදයේ වා සෙම් පිත් තුන් දොසම සමනය කරන්නක් ලෙස හැඳින්වෙනවා. වඩාත් ප්‍රතිචාර දක්වන්නේ සෙම් රෝග කෙරෙහියි. කුරුඳු, හතිය ඇතුළු ශ්වසන පද්ධති අවහිරතා දුරු කරනවා. ක්ෂය රෝගය පාලනය කරනවා. ඉන් ඇතිවන තුවාල සුව කිරීමට කුරුඳු කුඩු මෙන්ම තෙල් ද යොදා ගැනෙන බව සඳහන්. *සෙම් ප්‍රතිශ්‍යාව සදහා ඉඟුරු

හදවතේ හිතවතා ගොරකා- ( Garcinia cambogia )

චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා. මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. එළ හා රත් ගොරකා ප්‍රභේද ආහාර හා ඖෂධ සඳහා යොදාගනු ලබනවා. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි. රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කි

පිළිකාවට ගෙවත්තෙන් වැට බඳිමු

කරවිල සමග කරව්ල ඇට මෙරට වාර්ෂිකව 25000 ක පමණ පිරිසක් පිළිකාවට ගොදුරු වනවා. ඉන් වැඩි කොටස පිරිමින් බවයි . දුම්වැටි හා මත් ද්‍රව්‍ය භාවිතය ඊට එක් හේතුවක්. එසේ ම අයහපත් ආහාර පුරුදු , අධික තරබාරු බව , ප්‍රමාණවත් ව්‍යායාම නැතිකම, ආදිය ඊට බලපාන අනෙක් ප්‍රධාන හේතු බව හඳුනාගෙන තියෙනවා. පිළිකා ඇතිකළ හැකි සෛල හැම සිරුරකම පවතිනවා . එම සෛලවල ක්‍රියාකාරිත්වය වලක්වා ලීමට හැකි ගුණ කරවිල ඇට සතුව ඇති බව මෑතක සොයා ගැනුණා. සාමාන්‍ය මේද අම්ලවලට වඩා අසාමාන්‍ය වූ ඉතා ක්‍රියාශීලී මේද අම්ලයක් වන conjugated trienoic fatty acid කරවිල ඇට වල අඩංගුයි. මෙය පිළිකා නාශකයක් ලෙස යොදාගන්නට හැකි බව සොයාගත් කංඩායම මීයන් යොදාගෙන ඒ බව තහවුරු කරගත්තා. එක් බෙහෙත් කරලකට කරවිල ඇට නවයක් දහයක් පමණ අවශ්‍යවන අතර ඒ සඳහා යොදාගත යුත්තේ කෘමිනාශක නො යෙදූ ඒවායි. එබඳු කරවිල ඇට නිවසේදී ආහාරයට ගැනීමෙන් ද එම අගනා මේද අම්ලය සි

සුවඳ බෙදන විෂනාශක කරපිංචා (Murraya koenigil)

හොද්ද වෑංජනය රසවත් කර ගැන්මට යොදාගන්නා කරපිංචා අප සිරුර නොයෙක් අයුරින් ආරක්ෂා කර දෙන වටිනා ඖෂධයක් බව ඔබ දන්නවා ද? එහි පංචාංගය ම ඖෂධීය ගුණයෙන් පොහොසත් බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. යකඩ පොස්පරස් කැල්සියම් තන්තු විටමින් A B C E ප්රෝටීන් බීටා කැරොටින් වැනි පෝෂක ගණනාවකින් හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින් පොහොසත් කරපිංචා සෙම වාතය සමහන්කර, පීනස අජීර්ණ රක්ත දෝෂ බැහැර කර, පිළිකා සෛල විනාශ කර , සිරුරේ විෂහරණය කරන මහඟු ඖෂධයක්. එය කටහඬේ තීව්‍රතාව ඇතිකරනවා. බර පාලනය කරනවා. වියපත් පෙනුම පමාකරනවා. මානසික ආතතිය දුරු කරනවා. හර්දය රකිමින් ඇතුළත රුධිර නාලවල මේදය දියකර හැරීමේ ශක්තිය එහි පවතිනවා. රුධිර නාල පිරිසුදු වී, කොලෙස්ටරෝල් වැඩිවීම හා හදවත් රෝග ඇතිවීම ඉන් වැළකෙනවා. එසේ ම රුධිරයේ සීනි පාලනය කිරීමට ඇති හැකියාව නිසා එය දියවැඩියාවට එරෙහිව ත් ක්‍රියාකරනවා. අක්මාව යහපත්ව තබාගන්නත් කරපිංචා ලබා දෙන්නේ නො මඳ ශක්තියක්. එහි මේද තැන්පත්ව ඉ

රසට,ගුණට දිව ඔසුව තල - (Sesamum indicum)

  ලොව මුල් ම බෙහෙත් තෙල ලෙස හැඳින්වෙන තල තෙලෙහි මූලය වන තල, වසර 5000 ක පමණ පෙර සිට ආයුර්වේදයේ මෙන්ම දේශීය වෙදකමෙහිත් ඖෂධ ලෙස යොදා ගැනෙන බව සඳහන් වන්නක්. තල ශාකයේ සියලු කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙන අතර තල තෙල ආශ්‍රයෙන් චන්ද්‍රකාන්ති , සරස්වතී, සිංහරාජ, ප්‍රාණජීව, මහා හෙණරාජ, වැනි වටනා ආයුර්වේද තෙල් ගණනාවක් ම නිෂ්පාදනය වනවා. තල තෙල ඔලිව් තෙලට ආදේශකයක් ලෙසද යොදා ගැනෙනවා. විටමින් A E ප්‍රෝටීන් මේදය, කැල්සියම් බහුල තල මැග්නීසියම් පොටෑසියම් යකඩ පොස්පරස් තන්තු ආදී තවත් පෝෂක ගණනාවකින් යුතු ප්‍රති ඔක්සිකාරක ගුණ පූර්ණ සුවිශේෂ ධාන්‍ය විශේෂයක්. කෘෂ්ණ ශ්වේත රක්ත වශයෙන් තල ප්‍රභේද තුනකින් යුතු අතර ආහාර සඳහාත් ඖෂධ සඳහාත් වඩා යොදා ගැනෙන්නේ කෘෂ්ණ නම්වූ කළු විශේෂයයි තල ඇට භාවිතයෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලම පෝෂණය වෙනවා. විශේෂයෙන් ප්ලීහාව අක්මාව ආමාශය හා වකුගඩු . සම දීප්තිමත් කිරීමේ ගුණයක් තල සතුව පවත

සිරුර රැක දෙන පෝෂක ගබඩාව (ආමන්ඩ් )

 පෝෂක ගබඩාවක් ලෙස වර්තමානයේ ලොව පුරා ප්‍රචලිතව ඇති ආමන්ඩ් වසර දහස්,ගණනක පෙර සිට මැද පෙරදිග රටවල , සිරුර නිරෝගී කරගන්නට ඖෂධීය ආහාරයක් ලෙස යොදාගනු ලැබූවක්. පසුකාලීනව ඉන්දියාව පකිස්ථානය ආදී අප සමීප රටවලට ද හඳුන්වා දෙනු ලැබූ ආමන්ඩ් Rosacea පවුලට අයත්වන්නක්. ආමන්ඩ් ඇටද ඉන් සකසාගන්නා කිරිද , තෙල් ද ආහාර හා ඖෂධීය වටිනාකමින් යුක්තයි. විටමින් සපිරි ආමන්ඩ් , E B ප්‍රභේද හා K වලින් වඩාත් පොහොසත්. එය යකඩ කැල්සියම් මැග්නීසියම්, මැන්ගනීස් කොපර් සින්ක් තන්තු ෆෝලේට් ප්‍රෝටීන් හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින්ද සන්නද්ධයි. දරුවන් මෙන්ම වැඩිහිටියන්ගේත් සම ආරක්ෂාකිරීමේ සුවිශේෂ කාර්යයක එය නිරතවෙනවා . චර්ම රෝග පාලනය කරන ආමන්ඩ් සමේ කුරුලෑ ලප කැළැල් , රැලි වැටීම්, රළු වීම් , වළකා සම පැහැපත්කර ලනවා. හිරු රශ්මියෙන් ඇතිවන අවපැහැවීම් දුරලනවා . සම වියපත්වීම පමාකර දෙනවා. වැඩිහිටියන්ටද තරුණ පෙනුම ළඟාකර දෙන අතර ළදරු සමද සුසිනිඳුව තබමින් රැක දෙනවා . ඒනිසා එය බොහෝ ළදරු හා රූප ලාවණ්‍ය නිෂ්පාදන සඳහාත් යොදා ගනු ලබන්නක් .

දීර්ඝායුෂ ගෙනෙන සිරුරේ ආරක්ෂකයා කොට්ටම්බා/කොට්ටන් (Terminalia catappa)

  විවිධ රෝග, පාලනය කරමින් දීර්ඝායුෂ ලබා දෙන්නක් සේ සැළකෙන කොට්ටම්බා විසල් කොළ සහිතව අලංකාර රටාවකට අතු විහිදෙන, ශාකයක් . උදෑසනම පිපෙන පියකරු මල් නිසා 'පුබුදන්නා ' ලෙස හැඳින්වෙනවා ආසියානු අප්‍රිකානු ඕස්ට්‍රේලියානු රටවල් ගණනාවක දක්නට ලැබෙන ශාකය ප්‍රභේද 80කින් පමණ යුක්තයි. මෙරට බටු හා පෙතන් වශයෙන් ලොකු කුඩා දෙවර්ගයක් ඇති බව සඳහන්. යුරෝපීය රටවල වටිනා ඖෂධිය ආහාරයක් සේ සැලකෙන ආමන්ඩ් ඇටවලට රුවින් ගුණයෙන් කොට්ටන් ඇට සමානවන නිසාදෝ tropical almond, ඉන්දියන් ආමන්ඩ්, මලබාර් ආමන්ඩ්, යනාදි නම්වලින් කොට්ටන් හඳුන්වනු ලබනවා. ඉදුණු විට රතු හා කහ පැහැති ගෙඩි දක්නට ලැබෙන අතර පොත්ත අසල ඇති මාංශල කොටස පලතුරක් සේත්, ඝන ඇටය තුළ ඇති දුඹුරු පොත්තකින් වැසුණු සුදු මදය ඇට වර්ගයක් සේත් ආහාරයට ගනු ලබනවා. ඇටයේ පොත්ත හැර බැද කුඩුකර කිතුල් පැණි හා මිශ්‍රකර අග්ගලා සකසනවා. . එය බැදීමෙන් මෙන්ම පිසීමෙන්ද, ආහාරයට ගත ,හැකි වුවත් වඩාත් ගුණදායකවන්නේ අමුවෙන් ආහාරයට ,ගැනීමෙනුයි. විටමින් E බහුල B-නියැ