Skip to main content

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)



වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්.
ශාකය Apiaceae කුලයට අයත්.
ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි.
රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා.
සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා.
මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා.
.ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා.
හදවතට ඇස්වලට හිතකරයි. මුඛ රෝග සුවපත් කරනවා. උණ, හා පීනසට එරෙහිව ප්‍රතිචාර දක්වනවා. නීරක්තිය, දුරු කරනවා. අස්ථි ආරක්ෂා කරනවා.
කොත්තමල්ලි කොළ ස්වල්පය බැගින් නිතර අනුභවයෙන් රත් පිත් හර්ද රෝග, දියවැඩියාව හා
අධි රුධිර පීඩනය පාලනය වන බවත්, ආහාර අරුචිය දුරුවන බවත්, ප්‍රති ශක්ති කරණය වර්ධනය වන බවත්, බෝවන, රෝගවලින් ඈත් විය හැකි බවත් , සඳහන්.
කොලෙස්ටරෝල් යහපත් මට්ටමක තබා ගැනීමට කොත්තමල්ලි කොළ උපකාරීවන බව පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා. ඒ අනුව කොත්තමල්ලි කොළ ග්‍රෑම් 5 බැගින් නොකඩවා දින හැටක් ආහාරයට ගැනීමෙන් රුධිරගත ට්‍රයි ගිසලයින් රසායනය අඩුවී , හිතකර H D,L ප්‍රමාණය වැඩිවී කොලෙස්ටරෝල් පාලනය වන බව සඳහන්.
කොත්තමල්ලි ශාකයේ ඇති වැඩි බීටා කැරටින් ප්‍රමාණය ආතරයිටිස් රෝග පාලනයටත් උපකාරවනවා.
අක්මාවේ පිත නිපදවන ක්‍රියාවලියට කොත්තමල්ලි මනා සහායක් දක්වනවා.
ශාරීරික සෞඛ්‍යය පමණක් නොව මානසික සෞඛ්‍යය වර්ධනය කරන්නත් දායකත්වය ලබා දෙනවා.
කොත්තමල්ලි කොළ උණුවතුර ස්වල්පයක් සමග බ්ලෙන්ඩ් කර, දෙහි යුෂ යොදා අවශ්‍ය පමණට තවත් උණුවතුර මිශ්‍ර කර ලුණු ස්වල්පයක් එක්කර කොත්තමල්ලි කොළ බීම ක් සකසාගත හැකියි.
මෙම පානය උදෑසන ආහාරයට පෙරත් රාත්‍රි ආහාරයට පසුත් දින 5ක් ලබා ගැනීමෙන් බර අඩුකරගත හැකි බව සඳහන්.
කොත්තමල්ලි කොළ සෝදා සිහින්ව ලියා රතුලූනු අමු මිරිස් උම්බලකඩ දෙහි ලුණු එක්කර සම්බෝලයක් ,සකසා ගත හැකියි.

කොත්තමල්ලි ඇට දියේ දමා තබා ගෙවත්තේ වගාකරගන්නටත් හැකියි.


කොත්තමල්ලි කොළවලින් අත් බෙහෙත්

*නිතර සෑදෙන හිසරදයට
කොත්තමල්ලි කොළ ඇල්දියෙන් අඹරා නළලේ ආලේප කිරීම

*මුඛයේ තුවාලවලට
කොළ ,කොටා ගත් යුෂ මූඛයෙහි ලා කැලතීම

*වේදනා ඉදිමුම් තුවාල හා සමේ රෝගවලට
කොළ අඹරා ගෑම

*අධික ආර්තවයට
කොත්තමල්ලි කොළ සම්බෝලය අහාරයට ගැනීම

*සම රැලි වැටීම් නැතිවී පැහෑපත් වීමට
කොළ යුෂ කෝමරිකා සමග මිශ්‍රකර ගැල්වීම

*සමේ කුරුලෑ බ්ලැක් හෙඩ්ස් හා මළ සෛල ඉවත්කර නව සෛල වර්ධනයට
කොළ යුෂ, ලෙමන් යුෂ සමග මිශ්‍රකර ආලේප කිරීම

*සමේ රෝගවලට
කොළ අඹරා ගෑම හා
ආහාරයට ගැනීම

*රුව වැඩුමට
සමේ වියළි ගති දුරුකිරීමට
කොළ ආහාරයට ගැනීම හා අඹරා සමෙහි ගැල්වීම

Comments

Popular posts from this blog

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ

හදවතේ හිතවතා ගොරකා- ( Garcinia cambogia )

චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා. මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. එළ හා රත් ගොරකා ප්‍රභේද ආහාර හා ඖෂධ සඳහා යොදාගනු ලබනවා. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි. රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කි