Skip to main content

සුවඳ බෙදන විෂනාශක කරපිංචා (Murraya koenigil)


හොද්ද වෑංජනය රසවත් කර ගැන්මට යොදාගන්නා කරපිංචා අප සිරුර නොයෙක් අයුරින් ආරක්ෂා කර දෙන වටිනා ඖෂධයක් බව ඔබ දන්නවා ද?
එහි පංචාංගය ම ඖෂධීය ගුණයෙන් පොහොසත් බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.
යකඩ පොස්පරස් කැල්සියම් තන්තු විටමින් A B C E ප්රෝටීන් බීටා කැරොටින් වැනි පෝෂක ගණනාවකින් හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින් පොහොසත් කරපිංචා සෙම වාතය සමහන්කර, පීනස අජීර්ණ රක්ත දෝෂ බැහැර කර, පිළිකා සෛල විනාශ කර , සිරුරේ විෂහරණය කරන මහඟු ඖෂධයක්.
එය කටහඬේ තීව්‍රතාව ඇතිකරනවා. බර පාලනය කරනවා. වියපත් පෙනුම පමාකරනවා. මානසික ආතතිය දුරු කරනවා.
හර්දය රකිමින් ඇතුළත රුධිර නාලවල මේදය දියකර හැරීමේ ශක්තිය එහි පවතිනවා. රුධිර නාල පිරිසුදු වී, කොලෙස්ටරෝල් වැඩිවීම හා හදවත් රෝග ඇතිවීම ඉන් වැළකෙනවා. එසේ ම රුධිරයේ සීනි පාලනය කිරීමට ඇති හැකියාව නිසා එය දියවැඩියාවට එරෙහිව ත් ක්‍රියාකරනවා.
අක්මාව යහපත්ව තබාගන්නත් කරපිංචා ලබා දෙන්නේ නො මඳ ශක්තියක්. එහි මේද තැන්පත්ව ඉදිමුණු විට කරපිංචා සිහින්ව අඹරා ආහාරයට ගැනීමෙන් හෝ කොළ කැඳක් ලෙස පානය කිරීමෙන් සහන සැලැසෙනවා. අක්මාවේ පිළිකාවලටත් සෙංගමාලයටත් ඉන් වැට බැඳෙනවා.
ආහාර රුචිය වඩමින් ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු විසඳීමට ද කරපිංචාවලට හැකියි. එභි පිළිකා සෑදීම වළක්වමින් පහසුවෙන් ආභාර දිරවීමේ ක්‍රියාවලිය පවත්වා ගැන්මට උපකාරී වෙනවා. කරපිංචාවල අඩංගු ෆීනෝල් රසායනය ලියුකේමියා පුරස්ථි ග්‍රන්ථි පිළිකා වලට එරෙහිව ද ක්‍රියාකරන්නක්.
උදරාබාධවලදී කරපිංචා කබලේ රත්කර කුඩුකොට කෝපි මෙන් පානය කිරීමෙන් සහනය ලබාගත භැකියි.
කරපිංචාවල ඇති බැක්ටීරියා හා දිලීර නාශක ගුණවල සමේ ආසාදන දුරු කිරීමේ භැකියාව ද පවතිනවා. කුරුලෑ කුෂ්ට ඉදිමුම් දැවිල්ල වණ ආදිය ඉන් සුවපත්වෙනවා.
පනු රෝග බැහැර කිරීමටත් කරකැවිල්ල වමනය වැනි අපහසුකම් දුරලීමටත් ඊට හැකියි. එහි ඇති විෂහරණ ශක්තිය නිසා සර්ප දෂ්ටවලදිත් ප්‍රතිකාර සඳහා කරපිංචා කැඳ උපයෝගි කරගන්නවා. කරපිංචා කොළ යුෂ ද සත්ත්ව විෂ නාශනයට යොදාගන්නවා.
සිසිල් ගුණයෙන් යුතු කරපිංචා අර්ශස් අමාරුවලට සහන සලසනවා. වැඩි වශයෙන් ආහාරයට ගැන්මෙන් තරබාරුකම නැතිකර ගන්නත ත් පුළුවන්.
කොළ තලපයක් සේ අඹරා හිස ගල්වා සම්බාහනය කිරීමෙන් හිස් සොරි සුවකර ගතහැකියි . කෙස් වැටීම අඩුවීමත් , මනාව හිසකෙස් වැඩීමත්, ඉන් සිදුවෙනවා . දිනපතා වැඩි ප්‍රමාණයක් කරපිංචා ආහාරයට ගැන්මෙන් අකලට හිසකෙස් පැසීමත් නවතා ගත හැකියි.
කාර්ය බහුලත්වය නිසා ක්ෂණික ආහාරවලට හුරුවී සිටින්නන්ට ඉන් සිදුවන හානි වැළැක්මටත් කරපිංචා දායකවනවා.
කරපිංචා යුෂ මුසු කැඳ ගුණදායක වුවද වඩාත් ගුණදායක වන්නේ එහි රොඩ්ඩත් සමග ම ආහාරයට ගත් විට යි. කොළ වියළා කුඩුකර සුදුලූනු ඉඟුරු ස්වල්පය බැගින් මුසුකර කැඳ සාදාගැනීම වඩා පලදායකයි.
කරපිංචා තේ පානයක් සේ සකසාගන්නත් හැකියි. එසේ ම තේවලට මුසුකර පානය කරන්නත් හැකියි.
ලූනු සුදුලූනූ ගම්මිරිස් ස්වල්පව ගෙන සිභින්ව අඹරා දෙහි දමාගත් කරපිංචා දලු ලුණුමිරිසත්, ඊට පොල් ටිකක් මුසුකරගත් සම්බෝලයත්, අධි රුධිර පීඩනය වැනි රෝග ඇත්තවුන්ට ඉතා ගුණදායකයි . ආභාර රුචිය වඩන ඒවා සෑම කෙනකුට ම පාහේ නිරෝගිතාව රැකගැන්මට උපකාරීවනවා.
වෑංජනවලට කරපිංචා ගුණය හොඳින් ලැබෙන්නේ සිභින්ව ලියා හෝ අඹරා දැමීමෙන්. පොල් අඹරා සකසන කොස්මැල්ලුම් ආදියේදී කරපිංචාත් ඒ සමග ම අඹරා ගැන්මෙන් රස ගුණ දෙක ම වැඩිකර ගත හැකියි.

කරපිංචාවලින් අත් බෙහෙත්

*කොලෙස්ටරෝල් පාලනයට
කරපිංචා කොළ , රතුලූනු උම්බලකඩ පොල් ස්වල්පයක්දමා සකසාගත් සම්බෝලයක් ප්‍රධාන ආහාරවේලට එක්කර ගැන්ම.
කොළ මඳපවනේ වියළා ඉඟුරුපියලි සමග තම්බා බීම

*ලේ පිරිසුදුවීමට
කරපිංචා පොතු, සුදුලූනු උළුහාල් ගම්මිරිස් සමග තම්බා බීම

*අධික තරබාරුවට
දිනකට මේරූ කොළ 10 බැගින් කෑම

*බිබිලි සහිත චර්ම රෝග වලට
කොළ එළකිරෙන් තම්බා අඹරා ගෑම

*අර්ශස් හා මල පහසුවට
කොළ, කපාගත් කොහිල අල, උළුහාල් රතුලූණු සුදුලූනු සමග තම්බා උදය හිස්බඩ පානය.

*බඩ දැවිල්ලට , ස්නායු දුර්වලවීමට
කොළ, නැටි, පොතු , බාර්ලි වතුරෙන් තම්බා බීම

*හිසකෙස් වර්ධනයට
කරපිංචාකොළ කොටා දමා උණුකර සකසාගත් පිරිසිදු පොල්තෙල් හිසගැල්වීම

Comments

Popular posts from this blog

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ

හදවතේ හිතවතා ගොරකා- ( Garcinia cambogia )

චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා. මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. එළ හා රත් ගොරකා ප්‍රභේද ආහාර හා ඖෂධ සඳහා යොදාගනු ලබනවා. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි. රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කි