Skip to main content

සැර වුණත් රස ගුණ දෙන මහෞෂධය - ඉඟුරු (zingiber officinale)



සිරුර අධික ලෙස වෙහෙසීමෙන් ඇතිවන පේශි ඉදිමුම 25%කි න් අඩුකරලීමට, දිනපතා ඉඟුරු ග්‍රෑම් 2 බැගින් ගැනීමෙන් හැකිවන බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
උතුම් ඖෂධය, මහෞෂධය, ලෙස හඳුන්වනු ලබන ඉඟුරු අපේ වෛද්‍යක්‍රමවල රෝග ප්‍රතිකාර සඳහා ,බෙහෙවින් යොදා ගැනෙන්නක්. එය විටමින් C, B6, මැග්නීසියම්, පොටෑසියම්, කොපර් මැංගනීස්, හා ප්‍රති ඔක්සිකාරක ගුණ සපිරි වට්නා ඖෂධයක්.
කුළුබඩුවක් ලෙස මස් මාළු පිසීමටත්, ඉඟුරු දෝසි ආදි රසකැවිලි සැකසීමටත් යොදාගන්නා අතර travel sickness රෝගීන්ට සහන සළසන පලදායි උදව්කරුවකු ලෙස ද හැඳින්විය හැකියි.

ආහාර රස ගැන්වීම මෙන්ම, තේ කෝප්පය රසවත් කිරීමටත් ඉඟුරු යොදා ගන්නා අතර එමගින් බොහෝ රෝග පීඩා සංසිඳෙනවා. දිනපතා උදෑසන ඉඟුරු තේ එකක් බීම අස්ථි නිරෝගි වීමට හේතුවන බව සඳහන් .
ප්‍රෝටීන් සහ මේදය බහුල ආහාරවලට ඉඟුරු එක්කර පිසීමෙන්, ඒවායින් ඇතිවිය හැකි උදරාබාධ වළකිනවා. අමු ඉඟුරු යුෂ මීපැණි හා දෙහි සමග මිශ්‍ර කර දීමෙන් අජීර්ණ සුවවනවා.
ජීර්ණයට හා ආමාශය සුවපත් කිරීමට උපකාරිවන ඉඟුරු ඛේටය හා අනිකුත් ජීර්ණ යුෂ නිපදවනවා.
ඉඟුරුවල ඇති gingerols මගින් පෝෂක උරාගැනීම වර්ධනය කර වේගවත් කර ආහාර ජීර්ණය වේගවත්කර දෙනවා.
ආහාර ගැනීමට පෙර ඉඟුරු කෑල්ලක් ලුණු හෝ සහිඳ ලුණු සමග කෑමෙන් ආහාර රුචිය වර්ධනය වනවා.
යුෂ මිරිකාගත් ඉඟුරු රොඩු සමේ ගැල්වීමෙන් කුරුළෑ මැකී සම පැහැපත්වනවා.

උණ, සෙම්ප්‍රතිශ්‍යාවට, ඉඟුරු කොත්තමල්ලි තම්බා බීම අතීතයේ සිටම පැවැත එන පුරුද්දක්.
සෙම් ප්‍රතිශ්‍යාවේදී සෙම් කෝපවීම්වලදී ඉඟුරු ඉස්මට මීපැණි දමා බීම ද හිතකරයි.
ශ්වසන මාර්ගය ආශ්‍රිත, ඇදුම, කැස්ස මැඩලීමටත් ඉඟුරු උපකාරීවනවා. උතුරන වතුරට ඉඟුරු හා ලෙමන් යුෂ මිශ්‍රකර බීමෙන් කැස්ස හා උගුර වණවීම් සුවපත්වනවා.
ඉඟුරු ඇල් දියෙන් අඹරා තලපයක් සේ සකසා නළලේ ගැල්වීමෙන් හිසේ අමාරුව දුරුකර ගත හැකියි.
ආර්තව අක්‍රමිකතා දුරු කිරීමටත් දරුවන් පිළිසිඳ ගැනීම් සඳහාත් ඉඟුරු කාන්තාවන්ට උපකාරි වනවා. එය වමන ඔක්කාර ගති ත් දුරු,කරනවා. පෙති කපා මීපැණිවල පොඟවා සපන්නට දීමෙන් ගැබිණියන්ට ඇතිවන ඔක්කාර වමන ගති දුරුවන බව සඳහන්. එහෙත් ගැබිණි මවුවරුන් ඉඟුරු අධිකව ගැනීම නම් සුදුසු නැහැ.
පාචන උදරාබාධ තත්ත්වයන් වැළැක්මට, බඩ පිපුම වැළැක්මට , මෙන්ම ආහාරවලින් සිරුරේ ඇතිවන විෂගති දුරලීමට ද ඉඟුරු උපකාරි වනවා. එසේ ම මල බද්ධය හා අසාත්මිකතා ද වළකනවා.
ආතරයිටිස් වේදනා නාශකයක් ලෙස ද ඉඟුරු ක්‍රියාත්මක වනවා . රුමැටොයිඩ් හා ඔස්ටියෝ පොරෝසිස් ආතරයිටිස් වේදනා ඉදිමුම් අඩුකර ලෙහෙසියෙන් අතපය ,සන්ධි ක්‍රියාකිරීමට හැකියාව ඇතිකරන ප්‍රදාහ වැළැක්මේ ගුණය ක් ඉඟුරු සතුයි.
ඉඟුරු කොත්තමල්ලි මිශ්‍ර තේ බීමෙන් ආතරයිටිස් වේදනාවලට සහන අත්කර ගත හැකියි.
පෙණහළු පුරස්ථි ග්‍රන්ථි , චර්ම බඩවැල්, ඩිම්බකෝෂ පිළිකා සෛල විනාශ කිරීමේ ශක්තියක් ද ඉඟුරුවල පවතිනවා.
රුධිර සංසරණය වර්ධනය කිරීමට ද උදව්වන එය ධමනි තුළ සිරව ඇති අහිතකර තෙල් ඉවත් කර හර්දයාබාධ ආඝාත තත්ත්වයන් වළක්වනවා. .
අහිතකර LDL බැහැරකර, හිතකර HDL වැඩිකර දෙමින් කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කිරීමට උපකාරීවනවා.
මොළයේ ක්‍රියාකාරිත්වය වේගවත් කර එය ආතතියෙන් ආරක්ෂාකර දෙන අතර, ධාරණ ශක්තිය හා මතකය වර්ධනය කර දෙනවා. ඇල්ෂයමර් වැනි රෝගවලට ඉන් වැට බඳිනවා. ඉඟුරුවල ඇති gingerdiol සංයෝගය ප්‍රතිශක්තියත් වර්ධනය කර දෙනවා.
දිනපතා උදෑසන ඉඟුරු මිශ්‍ර වතුර වීදුරුවක් පානය කරන්නේ නම්, එය රුධිරගත සීනි පාලනය කර දෙන බව සඳහන්.

එසේම දිනකට සීනි අඩුවන හා ඉඟුරු වැඩිවන සේ සකසා ගත් තේ කෝප්ප දෙකතුනක් පානය කිරීමෙන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්වන බව ද සඳහන්.
එහෙත් දියවැඩියාව සඳහා ඖෂධ ලබාගන්නන්ට නම් ඉඟුරු අහිතකර බවයි සඳහන්වන්නේ.
මයියොක්කා සමග ඉඟුරු පරිභෝජනයත් හිතකර නැහැ. මයියොක්කා ආහාරයට ගැනීමට පෙර හෝ පසුව හෝ ඉඟුරු කෑම බීම ව්ස වීමට හේතු විය හැකියි .

ඉඟුරුවලින් අත් බෙහෙත්

*උදරා බාධවලට
ඉඟුරු පෙති දිය ලුණු සමග සපා කෑම.
ඉඟුරු යුෂ හා දෙහි යුෂ ලුණු ,මිශ්‍රකර බීම.

*හිසේ අමාරුවට
ඉඟුරු තේ පානය

*ඉරුවාරදයට
ඉඟුරු පාවට්ට බෙලිකොළ බැදපු කොත්තමල්ලි තැම්බූ උණු දියෙන් ඇවාෂ්ප ඇල්ලීම

*බඩ පිපුම වැළැක්මට හා ජීර්ණය වේගවත් වීමට
ඉඟුරු තම්බා නිවා මීපැණි දමා බීම

*කැස්සට හා උගුර වණවීමට
නටන උණු ජලයට ඉඟුරු හා ලෙමන් යුෂ මිශ්‍ර කර බීම

*හුස්ම ගැන්මේ අපහසුතා ඇතිවිට
ඉඟුරු,යුෂට පරණ උක් හකුරු දියකර වරින්වර බීම

Comments

Popular posts from this blog

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ

හදවතේ හිතවතා ගොරකා- ( Garcinia cambogia )

චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා. මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. එළ හා රත් ගොරකා ප්‍රභේද ආහාර හා ඖෂධ සඳහා යොදාගනු ලබනවා. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි. රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කි