Skip to main content

රසට,ගුණට දිව ඔසුව තල - (Sesamum indicum)


  ලොව මුල් ම බෙහෙත් තෙල ලෙස හැඳින්වෙන තල තෙලෙහි මූලය වන තල, වසර 5000 ක පමණ පෙර සිට ආයුර්වේදයේ මෙන්ම දේශීය වෙදකමෙහිත් ඖෂධ ලෙස යොදා ගැනෙන බව සඳහන් වන්නක්.
තල ශාකයේ සියලු කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙන අතර තල තෙල ආශ්‍රයෙන් චන්ද්‍රකාන්ති , සරස්වතී, සිංහරාජ, ප්‍රාණජීව, මහා හෙණරාජ, වැනි වටනා ආයුර්වේද තෙල් ගණනාවක් ම නිෂ්පාදනය වනවා. තල තෙල ඔලිව් තෙලට ආදේශකයක් ලෙසද යොදා ගැනෙනවා.
විටමින් A E ප්‍රෝටීන් මේදය, කැල්සියම් බහුල තල මැග්නීසියම් පොටෑසියම් යකඩ පොස්පරස් තන්තු ආදී තවත් පෝෂක ගණනාවකින් යුතු ප්‍රති ඔක්සිකාරක ගුණ පූර්ණ සුවිශේෂ ධාන්‍ය විශේෂයක්.
කෘෂ්ණ ශ්වේත රක්ත වශයෙන් තල ප්‍රභේද තුනකින් යුතු අතර ආහාර සඳහාත් ඖෂධ සඳහාත් වඩා යොදා ගැනෙන්නේ කෘෂ්ණ නම්වූ කළු විශේෂයයි
තල ඇට භාවිතයෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලම පෝෂණය වෙනවා. විශේෂයෙන් ප්ලීහාව අක්මාව ආමාශය හා වකුගඩු .
සම දීප්තිමත් කිරීමේ ගුණයක් තල සතුව පවතිනවා. සමෙහි රැලි වැටීම් හා ලප කැළැල් ඉවත් කර සම පැහැපත්ව තබන අතර කුෂ්ට රෝගාදියෙන් වළකමින් එය නිරෝගී ව තබන්නට ද තලවලට හැකියි.
තල ඇට පැණි සමග අනුභව කිරීමෙන් රූප සම්පන්නවීමට තරුණ පෙනුම ලැබීමට මෙන්ම ශක්තිමත් වීමට ද හැකියි.
ඇස් පෙනීම වර්ධනය කරන්නටත් හිසකෙස් මනාව වඩන්නටත් හිසකේ දීප්තිය ඇතිකිරීමටත් තල උපකාරීවනවා.
රතු රුධිර සෛල වර්ධනය කර දෙන තල ධමනිගත රෝග වැළැක්මේ හැකියාවෙන් යුක්තයි. කොලෙස්ටරෝල් හා අධි රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවන් සහිතයි. එසේම හර්ද මාංශ පේශී කෙරෙහිද හිතකර ලෙස බලපානවා.
ගැබිණි මව්වරුන්ගේ පෝෂණයට තල ලබා දෙන්නේ මනා සවියක් . කිරිදෙන මවුවරුන්ගේ කිරි වර්ධනය කිරීමටත් එය හේතුවනවා.
ප්‍රෝටීන් බහුල තල කුඩා දරුවන්ට නිතර ලබා දීමෙන් ඔවුන් හොඳින් වැඩෙනවා. පණු රෝග වැළකීමට ද හේතුවනවා. දත් වලට ගුණදායක වන අතර එහෙයින් දන්තා ලේප නිෂ්පාදනයට ද යොදා ගැනෙනවා.
නිතර තල ඇට සප සපා සිටීමෙන් දත් ශක්තිමත් වන බව ද සඳහන්වනවා.
මිග්‍රේන් හිසරදය කරකැවිල්ල වැනි අපහසුතා වලින් මිදීමට තල උදව්වනවා. ස්නායු රෝග හා වාත රෝග වැළැක්මටත් සිරුරේ විෂහරණයටත් තල වලට හැකියි.

තල තෙල්වල අඩංගුව ඇති සූක්ෂ්මා යා විශාධා ඇතුළු සුවිශේෂ සංඝටක ලිංගික අවයව වලට හිතකරවන අතර ලිංගික ජීවිතයද සාර්ථක කර දෙන බව සඳහන්..
තල තෙල් ගා සිරුර සම්බාහනය කිරීමෙන් හිරිය , වේදනාව විඩාව, අප්‍රාණික ස්වභාවය, දුරු වී සිරුර ප්‍රබෝධවත් වෙනවා.
මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාව තල සතුයි. තල ශාකයේ දඬු තැම්බූ වතුර ඊට ගුණ ලබා දෙනවා. මල බද්ධය සේම අර්ශස් රෝගයද දුරු කිරීමට තල සමත්.
තල ඇට කොටා එළඟි තෙල් හෝ බටර් සමග ආහාරයට ගැන්මෙන් රක්ත අර්ශස් රෝගීන්ට සහන ලැබෙන බව සඳහන් වෙනවා.
බඩවැල් පිළිකා වැළැක්වීමටද තලවලට හැකියි. එය කුසගින්න අඩුකර තරබාරුකම දුරලමින් බර අඩුකර දීමට ත් සමත්.
තල බොහෝ ගුණදායක වුවත් හුස්ම ගැන්මේ අපහසුතා ඇති අයටත් වකුගඩු රෝග උත්සන්න අයටත්, බඩ රිදීම්, වමනය ඇතිවිටත් අහිත කරයි.
සන්ධි රෝග අස්ථි බිඳීම් මැඬලන තල, අස්ථි වර්ධනයටත් කණ්ඩරා වර්ධනයටත් සුවිශේෂ ගුණ ඇත්තක් සේ සැලකෙනවා. නිතර තල ආහාරයට ගන්නේ නම් ඔස්ටියෝ පොරෝසිස් රෝගයෙන් වැළකිය හැකියි.

දණහිස් වේදනාව වියපත්වීමත් සමග බොහෝ දෙනකුට ඇතිවන්නක්. එසේ ඇති විට හානිවී ඇති දණහිස් කණ්ඩරා ප්‍රතිනිර්මාණයවීමට තල යොදාගෙන සැකසෙන මේ අත් බෙහෙත ප්‍රයෝජනවත්වේවි.

තල ඇට මේස හැඳි 4
වට්ටක්කා ඇට. ග්‍රෑම්40
රස නැති ජෙලටින් මේස හැඳි 2
හණ ඇට මේස හැඳි 8
මී පැණි ග්‍රෑම් 200
වියලි ම්දි මේස හැඳි 3

මේ සියල්ල බ්ලෙන්ඩ් කර බඳුනක අසුරාගෙන දිනකට මේස හැන්ද බැගින් දෙවරක් ( උදය හා දහවල )බොන්න.

👉තලවලින් තවත් අත් බෙහෙත්

*මවුකිරි වර්ධනයට
තල ඇට උක් හකුරු සමග ආහාරයට ගැන්ම

*තුවාලවලට හා අර්ශස් තුවාලවලට
තල ඇට එළඟිතෙල් සමග අඹරා ගෑම

* හිසකෙස් , රැවුල්, උඳුගොව්වා කෑමට
ගොකටු, තලමල්, එළඟිතෙල් , මීපැණි, සමව ගෙන අඹරා දිනකට දෙවර බැගින් සතියක් පමණ ආලේප කිරීම

*ඉරුවා රදයට
තල ඇට එළකිරි වලින් අඹරා නළලේ ගෑම

*කුෂ්ටවලට
අව්වේ කකාරාගත් රතුලූනු යුෂ හා තලතෙල් සමව ගෙන මිශ්‍රකර ගැල්වීම.

*පුෂ්ටිමත්වීමට
තල ඇට, කෝලිකුට්ටු කෙසෙල් හෝ කිතුල් හකුරු සමග ආහාරයට ගැනීම

*ශුක්‍රාණු වර්ධනයට
තල ඇට වියළා සීනි හෝ හකුරු සමග ආහාරයට ගැනීම

Comments

Popular posts from this blog

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ

හදවතේ හිතවතා ගොරකා- ( Garcinia cambogia )

චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා. මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. එළ හා රත් ගොරකා ප්‍රභේද ආහාර හා ඖෂධ සඳහා යොදාගනු ලබනවා. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි. රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කි