Skip to main content

සර්වරෝග නිවාරණය ට දිව්‍ය ඖෂධය ගොටු කොළ (Centella asiatica)



ගොටු කොළ මිටක යුෂ ගෙන ඊට මීපැණි හැන්දක් මුසුකර දිනපතා උදෑසන පානය කිරීමෙන් සර්වරෝග නිවාරණය වීමේ ශක්තියක් උපදින බව සඳහන් වෙනවා. ඉන් සිරුර සුවපත්වීමෙන් දීර්ඝායුෂත් හිමිවන බව සඳහන්.ගොටුකොළවල ඇති දිව්‍යමය ඖෂධ ගුණ නිසා සංස්කෘත පොත් වල එය හඳුන්වා දෙන්නේ 'දිව්‍ය මහ ඕෂධී' යන නමින්. එසේම බ්‍රහ්ම මංඩුකී ලෙස ද නම් කෙරෙනවා. බ්‍රහ්මී තෛලය සිඳින්නේ ත් ගොටුකොළ මූල ද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින්.
සලාද සම්බෝල ලෙස අමුවෙන් ආභාරයට ගැනීම වඩා පලදායකයි. මැල්ලුමක් වෑංජනයක් ලෙසත් සකසා ගත හැකියි. කැඳ ,හා යුෂ, ලෙස, පානය කරන්නත් හැකියි.
නිතර ආහාරයට ගැන්මෙන් සිරුරට බොහෝ වාසි අත් වනවා
විටමින් බහුල ගොටුකොළ, යකඩ කැල්සියම් ප්‍රෝටීන් පොටෑසියම් පොස්පරස් , නියැසින්, තයමින්, බීටා කැරොටීන් ආදි පෝෂක ගණනාවකින් පොහොසත් . ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතයි.
එය ප්‍රතිශක්තිය වර්ධනය කරන්නක් ,විෂ දුරුකරන්නක් මෙන්ම ආහාර රුචිය හා මතකය ද වඩන්නක් .
ගොටුකොළ මොළයේ ස්නායු තන්තු, නිරෝගි කර ධාරණ ශක්තිය වඩවන ආහාරයක්. කුඩා කාලයේ සිට දරුවන්ට ගොටුකොළ ලබාදීමෙන් ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු වඩා පලදායක කරගත හැකියි.
දරුවන්ට ඉඳුල් කටගෑමේදී ම ගොටුකොළ යුෂ හෝ කැඳ ස්වල්පයක් මුවගාන්නේ එහි ඇති බුද්ධිය හා මතකය වර්ධනය කරන ගුණ ලබාදීමට යි.
දරුවන් මවුකිරේ සිට ඝන ආහාරවලට හැරෙනවිට ත් බත් සමග අඹරා ගත් ගොටු කොළ ලබා දෙනවා.
එමගින් ස්නායු ශක්තිමත් වීම මතකය වැඩීම කට හඬ මිහිරිවීම මෙන් ම පණු රෝග , සෙම් රෝග , ඇස් රෝග, ‍හා රක්ත හීනතා, දුරුවීමේ වාසිත් දරුවන්ට ලැබෙනවා .
මොළයේ ආවේගශීලි අවස්ථා පාලනය කළ හැකි ගොටුකොළ ඒ ආශ්‍රිතව ඇතිවන අවපීඩනය, විශාදය, කාන්සාව ආදි මානසික රෝග තත්ත්ව දුරලන ඖෂධයක් ලෙසත් හැඳින්විය හැකියි.
ගොටුකොළ, මුකුණුවැන්න හා කොහොඹ කොළ සමග තැඹිලි වතුරෙන් අනා හිස් ගැල්වුමක් සකසනු ලබන අතර එය මානසික සෞඛ්‍යය වර්ධනයට සිත සැහැල්ලු කිරීමට යොදාගන්නා බව සඳහන්.

ගොටුකොළ හදවතටත් හිතකරයි. එය මනා රුධිර සංසරණයට දායක වෙමින් අධිරුධිර පීඩන තත්ත්ව පාලනය කර දෙනවා. රුධිරය පිරිසුදු කරනවා. රුධිර වර්ධක ගුණයෙන් නීරක්තියත් දුරුකර හරිනවා. මවුකිරිත් වර්ධනය කර දෙනවා.

A විටමින් බහුලතාවත් සමග ගොටුකොළවලට, ඇස් රෝග දුරුකර , පෙනීම වර්ධනය කිරීමටද හැකියි, සමේ කුරුළෑ දද කුෂ්ට තුවාල සුවපත්කරන අතර ඉක්මනින් වියපත් නොවන පැහැපත් කාන්තිමත් සමක් ලබා දෙනවා.
වඩා යොවුන් පෙනුමක් ලබාදීමට නැවුම් ගොටු කොළ යුෂ එළ කිරි සමග මිශ්‍රකර දෙනු ලබනවා.

ශ්වසන පද්ධතිය ආශ්‍රිත සෙම් ප්‍රතිශ්‍යාව උණ උගුරෙහි සෙම, ඇදුම, ක්ෂය රෝග තත්ත්වයන් පාලන‍ය කිරීමේ ශක්තියක් ගොටුකොළවල පවතිනවා .
රතුලූනු සමග ගොටුකොළ සංයෝගවූ විට එය පීනසට දිව ඔසුවක් සේ සැළකෙනවා . ගොටු කොළවලට යහමින් රතුලූනු එක්කර ආහාරයට ගැන්මෙන් ඇදුම මැනවින් පාලනය කර ගත හැකි බව සඳහන්.
බහිශ්‍රාව පද්ධතීන් ගේ ක්‍රියාකාරිත්වයට ද ගොටු කොළ මනා සහායක් ලබා දෙනවා. එය මුත්‍රාකාරකයක් වන අතර මුත්‍රා පෙරීම පහසුකර දෙනවා .දියවැඩියාවට එරෙහිව ක්‍රියා කරනවා.
ආහාර ජිර්ණ පද්ධතිය ආශ්‍රිත මල බද්ධය අතීසාර අර්ශස් සුවකිරීමට දායකවනවා .
ආමාශගත තුවාල සුවකිරීමේ හැකියාවැති ගොටුකොළ අම්ලපිත්ත රෝගයට ද කදිම ඔසුවක් . තේ බීම ඉතා අහිතකර වන එම රෝගී අවස්ථාවේදී පවනේ වියළා කුඩුකරගත් ගොටුකොළ තේ මෙන් පානය කිරීමෙන් සහන සැළසෙනවා.
ගොටුකොළ නිද්‍රාකාරකයක් ලෙසද ක්‍රියාත්මක වනවා. නින්ද අඩු වි‍යපත් වූවන්ට, ගොටු කොළ ආහාරයට ගැන්මෙන් පහසුවෙන් නින්ද ළඟා කර ගත හැකි බව සඳහන්.
එය විෂනාශක ගුණයෙන් යුතු අතර, සර්ප වෙදකම් සඳහා ද යොදා ගනු ලබනවා. දිවි මකුළු විෂ ශරීර ගතවූ විට ගොටු කොළ යුෂ ලබා දෙන බව සඳහන්වනවා.
ශුක්‍ර දෝෂ දුරුකර හරින ගොටුකොළ වාජීකරණ ඖෂධයක් ලෙසද ක්‍රියාත්මකවන්නක්. ඒ සඳහා ගොටුකොළ චූර්ණය එළඟිතෙල් සමග ලබාදෙනවා.
බරවා සන්ධි ප්‍රදාහ ලාදුරු රක්තවාත අපස්මාර සොරයිසිස් ආදි රෝග ගණනාවක් පාලනය කිරීමට දායකවන ගොටුකොළ උපදංශ, සිපිලිස් වැනි සමාජ රෝග ප්‍රතිකාර සඳහා ත් යොදා ගනු ලබනවා .
ගොටුකොළ අහිතකර ලෙස දක්වා ඇති ව්ශේෂ රෝගී අවස්ථාවක හැර දිනපතා ගැනීම සුදුසු වුවත් එය කලින් කලට කෙටි කාලයකට නවතා යළි පසුව ගැනීම වඩාත් සුදුසු බවයි සඳහන් වන්නේ.

*පීනසට
ගොටු කොළ යුෂ කිතුල් පැණි භෝ මී පැණි සමග බීම ගුණදායකයි.
ගොටු කොළ යුෂ මඳක් රත්කර ගම්මිරිස් කුඩු සමග උදේ බීම ද සුදුසු යි.

*හෙම්බිරිස්සාව ට
ගොටු මුල් කරදමුංගු සමව ගෙන තම්බා පෙරා මීපැණි සමග බීම

*කුරුලෑවලට
මුංඇට අමුකහ ගොටුකොළ සමව ගෙන අඹරා රෝස වතුර මීපැණි හා එඬරු තෙල් සමග අනා ගෑම

*ශුක්‍රාණු වර්ධනයට
ගොටු කොළ හා එළඟි තෙල් වූර්ණයක්සේ සකසාගෙන උදයේ ගැනීම

*භිසකේ පැසීම හා වැටීම නැවැත්වීමට
දොඹදලු බුලත් රතුලූනු ගොටුකොළ සමග කොටා , කළුදුරු තලතෙල් සමග මඳ පමණට උතුරුවා හිසේ ගෑම

*තුවාල වලට
කොළ පොඩිකර තැබීමෙන් විෂබීජ නාශකයක් වෙමින් සැරව සැදීම වළකා සුවපත් වෙනවා.

*ශ්‍රාවය ගලන තුවාලවලට
ගොටු දඬු හා මුල් අඹරා යළි තල තෙල් දමා අඹරා බැඳීම

*මල බද්ධයට
කොළ, නැටි හා මුල් සූදුරු සමග කබලේ බැද වතුර සමග බීමට ගැනීම

*ගර්භාෂ පීඩාවලට.
ගොටුකොළ තම්බා තේ මෙන් පානය කිරීම

* මතක වර්ධනයට
කුඩුකළ ගොටුකොළ ග්‍රෑම් බාගයක ප්‍රමාණයක් ගැනීම

*අර්ශස් අපස්මාර මොළයේ ආබාධවලට
වියළි කුඩුවලට සීනි මීපැණි ගිතෙල් දමා පානය කිරීම

*දරුවන්ගේ ආහාර රුචිය වර්ධනයට
ගොටුකොළ යුෂට සීනි දමා කකාරා පැණියක් කර, ඉන් තේ හැන්ද බැගින් දවසට තුන්වරක් දීම.

Comments

Popular posts from this blog

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ

හදවතේ හිතවතා ගොරකා- ( Garcinia cambogia )

චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා. මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. එළ හා රත් ගොරකා ප්‍රභේද ආහාර හා ඖෂධ සඳහා යොදාගනු ලබනවා. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි. රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කි