Skip to main content

පිළිකාවට ගෙවත්තෙන් වැට බඳිමු



කරවිල සමග කරව්ල ඇට
මෙරට වාර්ෂිකව 25000 ක පමණ පිරිසක් පිළිකාවට ගොදුරු වනවා. ඉන් වැඩි කොටස පිරිමින් බවයි .
දුම්වැටි හා මත් ද්‍රව්‍ය භාවිතය ඊට එක් හේතුවක්.
එසේ ම අයහපත් ආහාර පුරුදු , අධික තරබාරු බව , ප්‍රමාණවත් ව්‍යායාම නැතිකම, ආදිය ඊට බලපාන අනෙක් ප්‍රධාන හේතු බව හඳුනාගෙන තියෙනවා.
පිළිකා ඇතිකළ හැකි සෛල හැම සිරුරකම පවතිනවා . එම සෛලවල ක්‍රියාකාරිත්වය වලක්වා ලීමට හැකි ගුණ කරවිල ඇට සතුව ඇති බව මෑතක සොයා ගැනුණා.
සාමාන්‍ය මේද අම්ලවලට වඩා අසාමාන්‍ය වූ ඉතා ක්‍රියාශීලී මේද අම්ලයක් වන conjugated trienoic fatty acid කරවිල ඇට වල අඩංගුයි. මෙය පිළිකා නාශකයක් ලෙස යොදාගන්නට හැකි බව සොයාගත් කංඩායම මීයන් යොදාගෙන ඒ බව තහවුරු කරගත්තා. එක් බෙහෙත් කරලකට කරවිල ඇට නවයක් දහයක් පමණ අවශ්‍යවන අතර ඒ සඳහා යොදාගත යුත්තේ කෘමිනාශක
නො යෙදූ ඒවායි.
එබඳු කරවිල ඇට නිවසේදී ආහාරයට ගැනීමෙන් ද එම අගනා මේද අම්ලය සිරුරට ලබාගත හැකි බව සඳහන්. කරවිල ඇටවල ඇති ෆැටී අම්ලය , අධික උෂ්ණත්වයකදී පවා විනාශ නොවන හෙයින් ඒවා බැද කුඩුකර ආහාරයට ගත හැකි බවත්, එමගින් එම අම්ලය සිරුරට ලබාගත හැකි.
එමගින් ඇටත් සමග අමු කරවිල සලාදය සකසා ගැන්මෙන්, වෑංජනයට පිස ගැනීමෙන් , එසේ ම මේරූ ඇට බැද කුඩුකර ආහාරයට යොදා ගැන්මෙන්, දියවැඩියාවට මෙන් ම පිළිකාවටත් වැට බැඳ ගත හැකියි.

Comments

Popular posts from this blog

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ ...

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ...

රසට,ගුණට දිව ඔසුව තල - (Sesamum indicum)

  ලොව මුල් ම බෙහෙත් තෙල ලෙස හැඳින්වෙන තල තෙලෙහි මූලය වන තල, වසර 5000 ක පමණ පෙර සිට ආයුර්වේදයේ මෙන්ම දේශීය වෙදකමෙහිත් ඖෂධ ලෙස යොදා ගැනෙන බව සඳහන් වන්නක්. තල ශාකයේ සියලු කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙන අතර තල තෙල ආශ්‍රයෙන් චන්ද්‍රකාන්ති , සරස්වතී, සිංහරාජ, ප්‍රාණජීව, මහා හෙණරාජ, වැනි වටනා ආයුර්වේද තෙල් ගණනාවක් ම නිෂ්පාදනය වනවා. තල තෙල ඔලිව් තෙලට ආදේශකයක් ලෙසද යොදා ගැනෙනවා. විටමින් A E ප්‍රෝටීන් මේදය, කැල්සියම් බහුල තල මැග්නීසියම් පොටෑසියම් යකඩ පොස්පරස් තන්තු ආදී තවත් පෝෂක ගණනාවකින් යුතු ප්‍රති ඔක්සිකාරක ගුණ පූර්ණ සුවිශේෂ ධාන්‍ය විශේෂයක්. කෘෂ්ණ ශ්වේත රක්ත වශයෙන් තල ප්‍රභේද තුනකින් යුතු අතර ආහාර සඳහාත් ඖෂධ සඳහාත් වඩා යොදා ගැනෙන්නේ කෘෂ්ණ නම්වූ කළු විශේෂයයි තල ඇට භාවිතයෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලම පෝෂණය වෙනවා. විශේෂයෙන් ප්ලීහාව අක්මාව ආමාශය හා වකුගඩු . සම දීප්තිමත් කිරීමේ ගුණයක් තල සතුව ...