Skip to main content

මොළය තරුණ කරන පෝෂණ ගබඩාව නිවිති - (Basella alba)



විටමින් K A B1 B2 B6 C E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්, පොස්පරස්, පොටෑසියම්, සිලේනියම් සින්ක් ඔමේගා3 තඹ ආදි පෝෂක ගණනාවක්, හා ප්‍රතිඔක්සිකාරක ගුණ, වැල් නිවිතිවල අඩංගුයි. සමාන ගුණැති කොළ හා රතු ප්‍රභේද දෙකක් වන අතර වඩා ප්‍රචලිත කොළ වර්ගයයි.
වෙද පොතේ නිවිති හඳුන්වන්නේ කෙඳි, ලෝහ ලවණ සිරුරට මනාව ලබා දෙන ,වාත පිත සමනය කිරීමේ අපූරු හැකියාවක් ඇති ඖෂධිය ගුණ ඇති, පැළෑටියක් ලෙසටයි. ,එය පෝතකී නම් වන අතර නින්ද ලබා දීමේ හැකියාවක් ඇති බැවින් මෝහිනී ලෙසද හඳුන්වනු ලබනවා.
රෝග දුරලන්නක් මෙන්ම ව්ෂනාශකයක්, දාහය නිවන්නක් , මුත්‍රාකාරකයක් තාරුණ්‍යය රඳවා තබන්නක් ලෙස ද සිරුරේ ක්‍රියාත්මකවනවා
තැම්බූ නිවිති කෝප්පයකින්, දිනකට සිරුරට අවශ්‍ය වන යකඩ වලින් 37 % ක් ලැබෙනවා. ඉන් ලේ වඩමින් රක්ත හීනතාව දුරු කරනවා.
අස්ථි පද්ධතිය ශක්තිමත් කරන K විටමින් විශාල වශයෙන් එහි අඩංගුයි.
එසේම A විටමින් මැග්නීසියම් හා ෆෝලේට් බහුල ව ඇති අතර ඒවායින් අධි රුධිර,පිඩනය හර්දයාබාධ, ආඝාත රෝගවලට වැට බැඳෙනවා.
නිවිති ප්‍රති ප්‍රදාහක පෝෂක ගුණයෙන්ද යුතුයි ඇදුම ඔස්ටියෝ ආතරයිටීස් රුමැටොයිඩ් ආතරයිටීස් වැනි ප්‍රදාහ තත්ත්වයන් නිසා හටගන්නා රෝග ගණනාවකින් ආරක්ෂාවීමට බීටා කැරොටින් හා ව්ටමින් C දායකත්වය සපයනවා
මිග්‍රේන් තත්ත්වයට මැග්නීසියම් හා රිබොෆ්ලේවින්, සහන සලසනවා. කෙඳි මල බද්ධය දුරලනවා.
අධික ස්ථූලතාව දුරුකිරීමටද නිවිති සමත්. කෑමට ඇතිවන දැඩි ආශාව 95% කින් අඩුකිරීමට නිවිති සමත් බවයි. එහි ඇති තයිලකොයිඩ්ස් මගින් සිරුරේ බර 43% කින් අඩුකර ගත හැකි වුණා.
මොළයේ ඇතිවන දුර්වලතා අවම කිරීමට නිවිති සමත් බවයි. ආඝාතය වැළඳුණු රෝගියකු නිවිතිය ආහාරයට ගතහොත් රෝගයෙන් තවදුරටත් වන හානි වළකාගැන්මට හැකිවෙනවා.
ඇසේ සුද හා වෙනත් අක්ෂි රෝග වළකාලීමට නිවිතිවල ඇති කැරොටයිඩ උපකාරි වෙනවා.
කැරොටයිඩ මගින් පුරස්ථි ග්‍රන්ථි පිළිකා මැඬලීමද සිදුවනවා.
1980 දී වැඩිපුර නිවිති ආහාරයට ගත් කාන්තාවන් පිරිසක ගේ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩුවූ බවද සොයා ගැනුණා
නිවිතිවල පිළිකා නාශක සංඝටක 13 කට වැඩි බව ත් සොයාගෙන තියනවා.
සත්ත්ව විෂනාශක ගුණයෙන් ද යුතු නිවිති පොළොං විෂ ට ඖෂධයක් ලෙසත් යොදා ගැනෙන බව සඳහන්.
මොළයේ සෛල වේගයෙන් වර්ධනය කිරීමේ හැකියාවක් නිවිති සතු බව පර්‍යේෂණ මට්ටමින් සනාථවී තිබෙනවා. චිකාගෝ විශ්ව විද්‍යාලය මගින් 1000ක, පිරිසක් යොදාගෙන කෙරුණු සොයා බැලීමකදී හෙළිවූයේ නිවිති හා එවැනි තද කොළ පැහැති ශාක නිතිපතා ආහාරයට ගත් පිරිස , එසේ නොගත් පිරිසට වඩා මොළයෙන් වසර 11 කින් තරුණ වූ බවක් පෙන්නුම් කළ බවයි. එමගින් මතක ශක්තිය ත් වර්ධනය වුණා.
නිවිති ශුක්‍ර වර්ධනයට ද දායක වනවා. ගැබිණි හා කිරිදෙන මවුවරුන්ටත් ඉතා හිතකරයි. ගැබිණි මවුන්ට දරු උපත පහසු කරලීම සඳහා නිවිති කොළ තැම්බූ කෂාය ලබා දෙනවා. කුඩා දරුවන්ටත් ඉගෙනුම් කටයුතු සාර්ථක කරගැනුමට නිවිති උපකාරිවනවා
එහි ඇති විටමින් B විශේෂයන් මගින් සමේ රෝග දුරුකර uv කිරණින් සම ආරක්ෂාකර කා න්තිමත් කරනවා. තරුණ පෙනුම රැක දෙනවා.
නිවිති හිසකේ ද වර්ධනය කරමින්. රූපලාවණ්‍යකාරකයක කාර්‍යභාරයත් ඉටුකර දෙනවා.

*සම පිළිස්සුණු විට ඉදිමීම රතුවීම ඇතිවිට නිවිති කොළ කොටා ආලේප කිරීමෙන් සහන ලැබෙනවා.
*විසර ගෙඩිවල සැරව හැරීමට නිවිති අමු කහ සමව ගෙන ගිතෙලින් හෝ බටර් වලින් අඹරා ගෑම ගුණයි
* නාසයෙන් ලේ ගලනවිට නිවිති කොළ යුෂ පානය සුදුසුයි.
*බඩ දැවිල්ල ට කොළ යුෂ මි. ලී 15 - 30 පමණ බීමෙන් සහන අත්වෙනවා
*බමර ගෝනුසු දෂ්ට විෂට නිවිති මල් උණුදියේ තම්බා ගානවා.

සෙවල ගතිය හා ආවේණික රස ගුණැති නිවිති හුමාලයේ තම්බා සලාදයක් ලෙස ආහාරයට ගත හැකියි. පරිප්පු හෝ කොස් ඇට හා මුසුකොට රසවත් වෑංජනයක් සකසාගන්නටද හැකියි. මල් ද වෑංජනයට උයනවා. කොළ යුෂ සුප් කැඳ ලෙස පානයට ගැනීමට හැකියි .
කොතරම් ගුණ වුවත් ඇතැමුනට අසාත්මිකයි. සෙම හා ශ්වසන රෝග ඇති අයට නිවිති අහිතකරයි.

Comments

Popular posts from this blog

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ ...

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ...

රසට,ගුණට දිව ඔසුව තල - (Sesamum indicum)

  ලොව මුල් ම බෙහෙත් තෙල ලෙස හැඳින්වෙන තල තෙලෙහි මූලය වන තල, වසර 5000 ක පමණ පෙර සිට ආයුර්වේදයේ මෙන්ම දේශීය වෙදකමෙහිත් ඖෂධ ලෙස යොදා ගැනෙන බව සඳහන් වන්නක්. තල ශාකයේ සියලු කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙන අතර තල තෙල ආශ්‍රයෙන් චන්ද්‍රකාන්ති , සරස්වතී, සිංහරාජ, ප්‍රාණජීව, මහා හෙණරාජ, වැනි වටනා ආයුර්වේද තෙල් ගණනාවක් ම නිෂ්පාදනය වනවා. තල තෙල ඔලිව් තෙලට ආදේශකයක් ලෙසද යොදා ගැනෙනවා. විටමින් A E ප්‍රෝටීන් මේදය, කැල්සියම් බහුල තල මැග්නීසියම් පොටෑසියම් යකඩ පොස්පරස් තන්තු ආදී තවත් පෝෂක ගණනාවකින් යුතු ප්‍රති ඔක්සිකාරක ගුණ පූර්ණ සුවිශේෂ ධාන්‍ය විශේෂයක්. කෘෂ්ණ ශ්වේත රක්ත වශයෙන් තල ප්‍රභේද තුනකින් යුතු අතර ආහාර සඳහාත් ඖෂධ සඳහාත් වඩා යොදා ගැනෙන්නේ කෘෂ්ණ නම්වූ කළු විශේෂයයි තල ඇට භාවිතයෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලම පෝෂණය වෙනවා. විශේෂයෙන් ප්ලීහාව අක්මාව ආමාශය හා වකුගඩු . සම දීප්තිමත් කිරීමේ ගුණයක් තල සතුව ...