සමීපයේ රඳවා ගැන්මෙන් එහි සුවඳින් ම මොළයේ හා සිරුරේ ක්‍රියාකාරිත්වත් අධිෂ්ඨාන ශක්තියත් වර්ධනය කර දෙන අපූරු රසකාරකයක් ගැන ඔබ අසා තිබෙනවා ද?
ඒ ලෝකයේ අංක එකේ කුළුබඩුව ලෙස හැඳින්වෙන කුරුඳු පොතුයි.
මුළුතැන් ගෙවලත් බේකරිවලත් විවිධ ආහාර රස ගුණ සුවඳ ගන්වන කුරුඳු, පෝෂණ හා ඖෂධිය ගුණ පිරි ශාකයක්. යකඩ මැන්ගනිස් කැල්සියම් හා තන්තු බහුලව පවතින්නක්, එසේ ම විටමින් C K A E ප්‍රෝටින් පොටෑසියම් පොස්පරස් ආදි තවත් පෝෂකවලින් ද යුක්තවූවක්. කුඩු තේ හැඳි දෙකක කිලෝ කැලරි 27.4 ක ශක්තිය අඩංගුයි. ප්‍රතිඔක්සිකාරක ගුණ මනින ORAC ගණනය අනුව ලොව අංක එකේ ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ප්‍රභවය වන්නේ ද කුරුඳුයි.
ආයුර්වේදයේ වා සෙම් පිත් තුන් දොසම සමනය කරන්නක් ලෙස හැඳින්වෙනවා. වඩාත් ප්‍රතිචාර දක්වන්නේ සෙම් රෝග කෙරෙහියි.
කුරුඳු, හතිය ඇතුළු ශ්වසන පද්ධති අවහිරතා දුරු කරනවා. ක්ෂය රෝගය පාලනය කරනවා. ඉන් ඇතිවන තුවාල සුව කිරීමට කුරුඳු කුඩු මෙන්ම තෙල් ද යොදා ගැනෙන බව සඳහන්.
*සෙම් ප්‍රතිශ්‍යාව සදහා ඉඟුරු කොත්තමල්ලි සමග කුරුඳු මිශ්‍ර කෂාය තම්බා බීමෙන් කැස්ස හිසරදය අඩුවී නාසය සිරවීම අවමවී සහනය අත්වෙනවා.
*ඉඟුරු හා කුරුඳු මිශ්‍රකර තේපානයක් සේ සකසා බීමෙන් වෙනත් රෝග වැළඳීම ද අවමවෙනවා.
* සිරුරට අධික සීතල ඇතිවූවිට කන් දෙපස කුරුඳු තෙල් ගැල්වීමෙන් සුව සැළසෙනවා.
කුරුඳු පොතු කුඩු මෙන්ම කුරුඳුකොළ තේ පානය ද පීනස ට ගුණදායකයි.
*අමු හෝ මඳ පවනේ වියළූ තෙල් ගතිඇති කුරුඳුකොළ දෙකක් කැබලිකර තේකුඩු සමග මුසුකොට උතුරන වතුර දමා විනාඩි තුනක් වසා තබා සීනි යොදා තේපානය සකසා උදය සවස කාලයක් බීමෙන් පීනස සමනය කරගතහැකිබව සඳහන්.
ආහාර රුචිය වර්ධනය කිරීමටත් අජීර්ණ දුරුකිරීමටත් කුරුඳුවලට හැකියි .
* ඔක්කාරය ට වමනයට මෙන්ම උගුර වියළි මටද කුරුඳු පොතු කැබැල්ලක් සැපීම හිතකරයි.
*කුරුඳු කුඩු හා මීපැණි තේ හැන්ද බැගින් මුසුකරගත් දියෙන් උදෑසන කට සේදීමෙන් මුව දුගඳ දුරුවී යනවා.
කුරුඳු විදුරුමස් ශක්තිමත් කරන අතර දත් කැක්කුම් පළවාහැර දත් දිරා යාම ද වළකනවා.
පණු රෝග හා පාචනයත් පාලනය කරන්නට ඊට හැකියි.
*පාචනය ඇතිවිට කුරුඳු කුඩු තේ හැඳි බාගයක් උණුවතුර සමග දිනකට වරක් බීම සුදුසු සේ සැළකෙනවා.
කුරුඳු මුත්‍රාශ පිත්තාශ රෝගවලට ද ප්‍රතිචාර දක්වනවා.
එය සමේ රෝග වලට එරෙහිව ක්‍රියාකාරි වන අතර දද කුෂ්ට ආදි චර්ම රෝගවලදී කුඩු තලපයක් කර ආලේප කරනු ලබනවා. කුරුළෑ මකා සම පැහැපත් කරන්නට ඊට හැකියි . තරුණ පෙනුම හා ක්‍රියකාරිත්වයන් ඇතිකර දෙන එය වාජීකරණ ගුණ ද ලබා දෙන්නක්.
රුධිර සංසරණ ක්‍රියාවලිය යහපත්කරන කුරුඳු හදවත් දුබලතා දුරුකිරීමට සහායවනවා. එය ලේ කැටිගැසීම් වළකන ගුණයෙන් යුක්තයි කුරුඳුකුඩු මීපැණිවලට ,මුසුකර ජෑම් මෙන් පාන් පෙත්තක තවරා උදේ ආහාරයට ගැන්මෙන් වියපත්වූවන්ගේ පවා ධමනි ශිරා අවහිරතා වැලකී හර්ද රෝග අවම වනබව සඳහන්.
දියවැඩියාවට මහ ඔසුවක් වන කුරුඳු රුධිරගත සීනි පාලනය කළ හැක්කක්. ආහාරවල පිෂ්ටය අවම කිරීමේ ශක්තියක් එහි පවතිනවා. ඉන්සියුලින් සංවේදිතාව වැඩි දියුණු කරනවා. එසේ ම මේද දහනය කර දෙමින් සිරුරේ බර අඩුකර දෙන්නත් ඊට හැකියි. සීනි හා කොලෙසටරෝල් පාලනයට දිනකට කුරුඳු කුඩු තේ හැඳි බාගයක් ගැනීම සුදුසු බව සඳහන්
කුරුඳු ප්‍රති ප්‍රදාහ ගුණයෙන්ද යුක්තයි .කෝපන් හේගන් සරසවිය ආතරයිටිස් රෝගින් 200 කට උදේ ආහාරයට පෙර කුරුඳු කුඩු තේ හැන්දක් මීපැණි මේස හැන්දක් සමග මුසුකර දිනපතා ලබාදීමෙන් ඉන් 73 දෙනකුගේ වේදනා සමනය කරගත් බවත්, මාසයක් ඇතුළත බොහෝ දෙනකුට ඇවිදීමට හැකිවූ බවත් සඳහන්.
කුරුඳුවලට ලියුකේමියා පිළිකාකාරක වසා සෛල ඌණ කරලීමේ හැකියාවක් ඇති බව අමෙරිකානු පර්‍යේෂණආයතනයකින් සොයාගැනුණා. කුරුඳු අන්ත්‍ර හා ගුදමාර්ග පිළිකා මැඩලීමේ ශක්තියෙන් ද යුක්තයි .
කුරුඳූපොතු අමතකවීම් බහුල ඇල්ෂයමර් රෝගයට එරෙහි ප්‍රතිචාර දක්වන්නක් බව ටෙල් අවිව් සරසවි අධ්‍යයනයකින් තහවුරුවුණා. එසේ ම එය HIV වයිරසයට ඖෂධයක් ලෙස අනෙක් ඖෂධ හා යොදාගත හැක්කක් බවත් හඳුනාගනු ලැබුවා.
කුරුඳු ගර්භාෂරෝග දුරලීමේ හැකියාවෙන් ද යුක්තයි. එහෙත් ගර්භාෂය සංකෝචනය කරන ගුණ ඇති හෙයින් තෙමස නොඉක්මවූ ගැබිණියන්ටත් දරු සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්නා කාන්තාවන්ටත් වැඩිවශයෙන් ගැනීම හිත කර නැහැ. ඕනෑම කෙනකුට දිනකට ග්‍රෑම් 2 ඉක්මවා ගැනීම සුදුසු නැහැ. අධික ලෙස ගැනීමෙන් වකුගඩු අක්මා අපහසුතා ඇතිවිය හැකියි .
කුරුඳුවල ඇති විවිධ ශක්තීන් මීපැණි ශක්තීන් හා සංයෝගකර දීමෙන් ප්‍රතිශක්තිය වර්ධනයවන බවත්, සිරුරේ විඩාපත් බව දුරුවන බවත් ආමාශ තුවාල සුවවන බවත්, තවත් විවිධ රෝග ගණනාවක් දුරලිය හැකි බවත් සඳහන්වෙනවා.
*සිරුරේ බර අඩුකරගැන්මට
කුරුදුකුඩු තේ හැඳි බාගයකට උතුරන වතුර දමා වසාතබා නිවුණු පසු මී පැ ණි දමා ප්‍රධාන ආහාරවේල් අතරත්, රාත්‍රි නින්දට පෙරත් පානය කිරීම
* මුහුණ පැහැපත්වීමට
කුරුදුකුඩු තේ හැන්දක් මීපැණි මේස හැඳි 3ක් සමග මිශ්‍රකර මුහුණේ ආලේපකර පැය කීපයකින් උණු දියෙන් සෝදා හැරීම
*කුරුළෑවලට
ඉහත ආලේපය රාත්‍රිගල්වා පසුදින උදයේ සෝදා හැරීම
*දත් කැක්කුමට
කුරුඳු කුඩු තේ හැඳි1 මීපැණි තේ හැඳි 5 මිශ්‍රකර දිනකට තෙවරක් දතේ ගැල්වීම
*ප්‍රතිශක්ති වර්ධනයට
කු. කුඩු හා මීපැණි මිශ්‍රකර දිනපතා අනුභව කිරීම
(මින් වයිරස් හා බැක්ටීරියාවලින් වන හානි වැළකේ)
*කන් ඇසීම වැඩිවීමට
ඉහත දෙවර්ගය සමව ගෙන උදේ හවස අනුභව කිරීම
*පිළිකාවලට
.කු. කුඩු තේ හැඳි 1 මීපැණි මේස හැඳී1 මුසුකර දිනකට තෙවරක් බැගින් මාසයක් ගැනීම
*සමේ දද කුෂ්ට දිලීර ආසාදනවලට
කු. කුඩු මීපැණි සමව ගෙන අනා ආලේප කිරීම
*කොලෙස්ටරෝල් සීනි පාලනයට
කු. කුඩු තේ හැඳි බාගයක් දිනකට ගැනීම
*ආතරයිටිස් රෝගයට
කු. කුඩු තේ හැඳි බාගයක් මී පැණි මේස හැන්දක් මුසුකර හිස්බඩ පානය කිරීම.
Comments
Post a Comment