Skip to main content

නිරෝගි කමත් තරුණපෙනුමත් කැඳවන බුද්ධි වර්ධකය උළුහාල්

මුළුතැන්ගෙයි කුළුබඩු අතර හිඳ , හොද්ද වෑංජනය රසවත් කිරීමටත්, කැඳ වර්ග ගුණදායක කිරීමටත්, උදව්වන උළුහාල් වල හැබෑ වටිනා කම තව ම ඔබ නොදන්නවා විය හැකියි.
විටමින් සී හා පොටෑසියම් වලින් පොභොසත්, යකඩ කැල්සියම් සින්ක් කොපර් සෙනිලියම් ඛනිජ වර්ග තයොමින් මියසින් ෆෝලික් අම්ලය වැනි පෝෂක අඩංගු, උළුහාල් ඈත අතීතයේ සිට ම රෝග නිවාරණයට යොදා ගැනුණා.
දිය වැඩියාව , ඇදුම , ආතරයිටීස් , අම්ල පිත්ත, රෝගය රක්තහීනතාව කොලෙස්ටරෝල් සම මත වණ තුවාල පිළිස්සීම්, මාන්දම, ස්නායු රෝග, කටී වායුව සිහි කල්පනාව අඩු වීම වැනි රෝග රාශියකට උළුහාල් ගුණදායකයි. ඒවා සිරුරේ ප්‍රදාහ තත්ත්වයන් බැහැරකර සන්ධි වේදනා මැඩ පවත්වනවා.
කෙඳි සහිත බැවින් මල බද්ධයට නැති කර ආහාර දිරවීම පහසු කරනවා. මෙහි ඇති වස විස ඉවත් කිරීමේ ශක්තිය නිසා බඩවැල් පිළිකා වලට ඉඩ නැතිවෙනවා. අඩංගු සංයෝග මගින් ඉන්සියුලින් නිපදවීම වර්ධනය කෙරෙන බැවින් දිය වැඩියාව පාලනය වෙනවා.
ෆෝලික් අම්ලය නිසා උළුහාල කිරි දෙන මවුවරුන්ටත් ඉතා පලදායකයි. අළුත් මවකට පහසුවෙන් කිරි එරෙන අතර, දරු උපතින් ඇතිවන වේදනා තත්ත්වයන් ඉක්මනින් දුරුකිරීමට සහායවනවා . දරු උපත් පමාවන අයට ගර්භාෂගත රෝග දුරු කරමින් දරු සම්පත් ලබාගැන්මටත් උපකාරිවනවා.
මොළය නිරෝගි කරමින් බුද්ධිය හා කල්පනා ශක්තිය වර්ධනය කරන්නටත්, චර්ම රෝග බැහැරකර, සම පැහැපත් කරන්නටත්, සිරුර නොයෙක් රෝගවලට ගොදුරු, කරන තරබාරුව පාලනය කරන්නටත් උළුහාල්වලට හැකියි.
හිසකේ වැටීම, අකලට සුදුවීම වළකා , ඉස්සොරි දුරුකර හිසකේ මනාව වැඩීමට ද උළුහාල් උපකාරිවනවා. පොල්තෙල්වලට උළුහාල් දමා රත්කර හිස ගල්වා මනා කෙස් කළඹක් වඩවාගැනීම පෙර සිටම පවතින කාන්තා පුරුද්දක් .
උළුහාල්වලින් ඇතිවන නිරෝගීවීම් හරහා තරුණ පෙනුමක් ලැබීමත්, තරුණ ජවයක් ලැබීමත් සිදුවනවා.
අතීසාර පාචන රෝගීන්ට උළුහාල් අහිතකර වන අතර, හර්ද රෝගීන් ට වැඩි වශයෙන් ගැනීම හිතකර නැහැ. අනෙකුත් අයට දිනකට කලං දෙකක උළුහාල් ගැනීම සුදුසු බව සඳහන්.

උළුහාල්වලින් අත්බෙහෙත්

*වාත අමාරු, බඩ පුරවා දැමීම් වලදී
උළුහාල් සුදුළූනු සමග තම්බා බීම.

* හිස් සොරි ඇතිවිට
1 දෙහි සමග තම්බා හිසේ ගෑම
2. උළුහාල් තේ හැඳි 3 ක් රැයේ පෙඟෙන්නට තබා උදේ අඹරා හිස ගල්වා සම්බාහනය කර පැයක් පමණ තබා සෝදා හැරීම.

*දිය වැඩියා රෝගීන්ට, රුධිරගත සීනි පාලනයට
1 උළුහාල් කබලේ බැද කුඩුකර අසුරා තබාගෙන, තේ හැන්දක් දමා තේ මෙන් උණු දියෙන් සකසාගත් කෝප්පයක් , උදේ හිස්බඩ බීම.
2 උළුහාල් රැයෙහි පෙඟෙන්නට තබා එම දිය උදෑසන හිස්බඩ පානය කිරීම (උළුහාල් ද සපා කන්න).

*තරබාරුව ,පාලනයට
1 මඳක් රත්කළ උළුහාල කුඩුකර මීපැණියෙන් අනා කෑම
2 උළුහාල හොදින්, තම්බා පෙරා, මීපැණි සමග පානය කිරීම

*කොලෙස්ටරෝල් පාලනයට
1 ආහාර, ගැන්මෙන් පසු උළුහාල් ඇට කීපයක් සපා කෑම.

2 උළුහාල් කොටස් දෙකකට, කළුදුරු, ගොරකා, කුරුඳු , කරපිංච දලු කොටස් එක බැගින් ද ගම්මිරිස් ඉඟුරු, කොටස් බාගය බැගින්ද ,දමා ලුණු ස්වල්පයක් එක්කර අඹරා ගන්නා සම්බෝලයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් බත් සමග කෑම .
(මෙය තරබාරුව පාලනයටත් සුදුසුයි.)

*තරුණ පෙනුම හා ජවය ලැබීමට
උළුහාල් පිටි කර කැඳ සකසා බීම.

උළුහාල් වලින් වෑංජනයක් සකසා ගන්නේ මෙහෙමයි.
*උළුහාල් ග්රෑම් 200 ක්, පොල් තෙල් මේස හැඳි 2 ක් යොදා බැදගන්න
* තුනපහ කුඩු ටිකක් බැද පසෙක තබාගන්න
*පොල් කිරි, මිරිස් කුඩු, ලූනූ කරපිංච ආදිය යොදාගෙන උළුහාල් ටික උයාගන්න
*අන්තිමට බැදපු තුනපභ කුඩු ටික දමා වෑංජනය බාගන්න.
මෙය වරින්වර සකසා ගෙන බත්වේලට එක්කර ගන්නේ නම් ඔබේ ශරීර සුවතාවට විපුල පල අත්වේවි.

Comments

Popular posts from this blog

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ

හදවතේ හිතවතා ගොරකා- ( Garcinia cambogia )

චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා. මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. එළ හා රත් ගොරකා ප්‍රභේද ආහාර හා ඖෂධ සඳහා යොදාගනු ලබනවා. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි. රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කි