Skip to main content

හදවතේ හිතවතා ගොරකා- ( Garcinia cambogia )



චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා.
මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. එළ හා රත් ගොරකා ප්‍රභේද ආහාර හා ඖෂධ සඳහා යොදාගනු ලබනවා.
ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා.
අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්.
ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි.
රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා.
ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කිරීම නිසා රුධිරගත කොලෙස්ටරෝල්වල අහිතකර LDL අඩුවී, හිතකර HDL වර්ධනය වනවා. රුධිරගත සීනි පාලනයවී දියවැඩියාව ද පාලනයවනවා.
සිරුරේ පරිවෘත්තීය ක්‍රියා කාර්යක්ෂ්ම වී ප්‍රතිශක්තිකරණය ශක්තිමත්වනවා. එය රෝගාබාධ ආසාදන වලට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සෙම් ප්‍රතිශ්‍යාව උණ වැනි සාමාන්‍ය රෝග වැළක්වීමට හෝ ඉක්මනින් සුවපත් කිරීමට දායකවනවා.
ආහාර, රුචිය වර්ධනය කරනවා. ඉදිමුම් දැවිලි සන්ධි රෝග, සමනය කරනවා . ගර්භාෂ රෝග වලට එරෙහිව, ක්‍රියාත්මක වනවා විදුරුමස් රෝග සුවකර දෙනවා
තරබාරුකම දුරු කර සිරුර හැඩකර ගැනීමට මනා ඔසුවක් ලෙස සැළකෙන අතර ඒ සඳහා ගොරක චූර්ණ කර යොදාගන්නා බව සඳහන්.
මලපහවීම පහසු කිරීම, බිඳුණු අස්ථි ඉක්මනින් සුවපත් කිරීම, වැනි කාර්යයන්ටත් ගොරක උපකාරී වනවා .
කැඩුම් බිඳුම්. සඳහා ගොරක පොතු හා මල් යොදාගනු ලබනවා . වකුගඩු ගල් කැබලි කිරීමේ ශක්තියක් ද එය සතුයි.
ආහාර ජීර්ණය ක්‍රමවත් කරමින් ආහාරවල විෂ සමනය කරමින් බඩවැල් පිළිකාවලින් මිදීමටත් මං පාදනවා.
රක්තවාතය, වණ, බඩවැල් රෝග, හා සත්ත්ව රෝග සඳහා ඖෂධ සැකසීමට ද ගොරකා යොදා ගැනෙනවා.
ආහාර කල් තබා ගැන්මටත් මාළු ඇඹුල් තියල, පොළොස්, කොහිල, කැකිරි වැනි වෑංජන රසවත් හා ගුණවත් කිරීමටත් ගොරකා උපකාරීවනවා.
බලයා කෙළවල්ලා වැනි සැර මාලුවලින් ඇතිවිය හැකි අසාත්මිකතා වැළැක්වීමට, ඒවායේ ඇති හිස්ටමින් නමැති රසායනය ගොරක මගින් 80% කින් උදාසීන කර දෙනු ලබනවා..
වෑංජනවලට යොදන ගොරක ඉවත් නොකර. ආහාර සමග සපා කන්නේ නම් එය සිරුරට ඉතා හිතකරවන අතර ඉන් එහි ඖෂධීය වාසි ලබා ගත හැකියි.

*තර බාරුකම අඩු කිරීමට
සති අටක් දහයක්, දිනකට මිලිග්‍රෑම් 500ක ගොරක කෑමට පැය බාගයකට පෙර උණුවතුර සමග ගැනීම සුෆ්හුසු බව සඳහන්.
*සෙම් ප්‍රතිශ්‍යා උගුරේ අමාරු ආදියේදී
ගොරක ලුණු හා ගම්මිරිස් එකට අඹරා පොට්ටනියක් බැඳ හක්කේ තබා කෙළ ගිලිමින් සෙම ඉවත්කරගත හැකියි.
*ඇඟිලි කරු වණ වූ විට
ගොරකා තැම්බූ දියට ලුණු දමා සේදීමෙන් සහන ලැබෙනවා.
*දිගු ගමනකින් පා වෙහෙස වූ විට
ගොරක තැම්බූ දියෙන් සේදීමෙන් ඉදිමුම් පහවී වේදනා දුරුකර ගත ,හැකියි.
*කොලෙස්ටරෝල් පාලනයට
ගොරක සුදුලූනු, කරපිංචා සමග අඹරා ගත් ලුණුමිරිසක් කෑමට එක්කරගැම පලදායකයි.

Comments

Post a Comment

Popular posts from this blog

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ