Skip to main content

විස දුරලන සිසිලකර දිවඔසුව කතුරුමුරුංගා- (Sesbania grandiflora)



සැරයි උෂ්ණයි කියා අප කෑමට මැලිකරන ,දෙල්, බලමාළු ඉස්සන් වැනි ආහාර වල ඇති විෂ ගති දුරුකර, ඒවායේ රස ගුණ ලබාදෙන්නට උපකාරි වන ඇන්ටිහිස්ටමින් ගුණ සපිරි කතුරු මුරුංගා, තොල කට පැලීම්, වණවීම් මුඛ ආසාදන ඉක්මනින් සුවකිරීමේ හැකියාවක් ඇති සුවිශේෂ ඖෂධීය ශාඛයක් .
දකුණු ඉන්දියානු ප්‍රභවයකින් ‍යුතු ශාකය ආසියාවේත් ඔස්ට්‍රේලියාවේත් දක්නට ලැබෙනවා. නිල්, කහ මල් ද ඇති, එහෙත් වැඩි වශයෙන් සුදු හා ,රතුමල් දක්නට ලැබෙන එය A B, විටමින් , යකඩ, කැල්සියම්, තන්තු ආදී පෝෂක ගණනාවක් අඩංගුවූවක්. බැක්ටීරියා වෛරස් වලට එරෙහි, ප්‍රති ජීවක ශක්තියෙන් පොහොසත් වූවක්.
සංස්කෘත ග්‍රන්ථවල වක්‍ර පුෂ්ප අගස්ති, නම්වලින් හැඳින්වෙනවා. සිසිල් ගුණයෙන් යුක්තයි.
වා සෙම් පිත් සමනය කරන්නක්, ඇස්පෙනීම වර්ධනය කරන්නක්, අසාමාන්‍ය රුධිර වහනයන් වළකන්නක්, මෙන් ම සිරුරේ බාහිර අභ්‍යන්තර රෝග තත්ත්වයන් ද වළකාලන්නක් .
මුනිශාක තෛලය සිඳීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යය වන්නේද කතුරු මුරුංගා කොළයි.
කොළ මල්, මුල්, ඇට, කරල් මෙන්ම මැලියම් ද ඖෂධ පිණිස යොදා ගැනෙනවා.

කතුරු මුරුංගා මල් කොළ , වෑංජන මැල්ලුම් ,සලාද බැදුම් හොදි වැනි විවිධ, ක්‍රමවලින් ආහාරයට ගැනීමෙන් ඒවායේ ඇති උසස් රසායන ගුණ ලබාගත හැකියි.
මල බද්ධය වළකන කතුරු මුරුංගා, සිරුරේ අනවශ්‍ය දියර පිට කර හැරීමේ, ගුණයෙන්, යුක්තයි, සෙම් ප්‍රතිශ්‍යා කැස්ස ,ඇදුම පීනස වැනි ශ්වසන, රෝග පාලනයකිරීමට, මෙන්ම මැලේරියා වැනි කල් පවත්නා උණ සුව කිරීමේ හැකියාවෙන් ද යුක්තයි .
නීරක්තිය, බඩවැල ආශ්‍රිත රෝග, මුත්‍රා රෝග , කාන්තාරෝග, පණු රෝග, දැවිල්ල, ,දුරුකිරීමට සමත්වන අතර රුධිරය පිටවීමත් සමග ඇති පාචන, අර්ශස්, ආදි තත්වයන් ද, පාලනය කළ හැකි බව, සඳහන්වනවා. ළපටි කොළ යුෂ පානයෙන් ශක්තිය වර්ධනය වනවා.
මල් ඇස්වලට බෙහෙවින් හිතකරයි. පෙනීම වර්ධනය කරමින් රාත්‍රි අන්ධතාව දුරුකරනවා. ආහාර රුචිය මෙන්ම මතක ශක්තිය ද වඩනවා.
මල් වෑංජනය උයා කෑමෙන් ද , මල් හා කොළ පීකුදු සමග උයා කෑමෙන්ද එම ප්‍රතිලාභ අත්කරගත හැකියි.
* මල් තල තෙලින් හා එළඟි තෙලෙන් මලවා කෑම මාන්දම් රෝගයට මෙන්ම තොලකට පැලීම් වලටද ගුණදායකයි.
* මල් ගොටුකොළ හා ගිතෙල් සමග සමග ආහාරයට දීම අපස්මාර රෝගීන්ට හිතකර වනවා. එම රෝගයට කොළ ද ගුණයදායකයි.
*පොල් කිරි රතුලූනු දමා මිරිස් නැතිව උයන මල් වෑංජනය අළුතෙන් ඝන ආහාර හුරුවූ කුඩා දරුවන්ට යෝග්‍යයි.
ළපටි කරල් වෑංජනය ආහාරයට ගැනීමෙන් කල්පනා ශක්තිය දියුණුවන අතර සිරුරේ බලය, හා ශුක්‍ර වර්ධනය ද සිදුවන බව සඳහන්.

කැල්සියම් බහුලත්වයත් සමග අස්ථි ශක්තිමත් කර දෙන කතුරු මුරුංගා, සන්ධ් රෝග ඉදිමුම් වේදනා දුරුකිරීමට සහායවනවා.
*එවැනි සන්ධි අපහසුතා වලදී ,කතුරු මුරුංගා කොළ ,හා පොතු එකට අඹරා ආලේප කිරීමෙන් සහන අත්වනවා.
*සම වියළීම කැසීම වැනි එක්සිමා තත්ත්වයන් බැහැරකරන්නටත්, තුවාල ලප, පැපොල සරම්ප කැලැල්, බැහැර කරන්නටත්, කතුරු මුරුංගාවලට හැකියි.
* මුඛය තුළ තල්ලෙහි දිවෙහි ඇතිවන උෂ්ණ බීබිලි, ,වණවීම්, තොල පිපිරීම් ඉක්මනින් සුවකර ගැන්මට, කොළ, මල්, එළඟිතෙල් හෝ බටර්වලින් තෙම්පරාදු කර කෑම පලදායකයි.

කතුරු, මුරුංගාවලින් අත් බෙහෙත්

*බඩවැල ආශ්‍රිත තුවාල හා අර්ශස්වලට
කතුරු මුරුංගා කොළ යුෂ මි. ලි. 10 බැගින් දිනපතා උදේ පානය කිරීම

*සමේ තුවාල ලප කැලැල්වලට
කොළ යුෂ දිනපතා ගෑම

*කටේ සෙම් ගෙඩි තුවාල ආසාදන ඇතිවිට
කොළ යුෂ වලින් කට සේදීම

*කෙන්ඩ, පෙරළීමට
කොළ යුෂ ගෑම

*තොල් පැලීමට
කොළ, මල්, රතුලූනු සමග උයා උදේ සවස ගිතෙල් දමා ආහාරයට ගැනීම

*ස්වශන පද්ධතිය ආශ්‍රිත ,කැස්ස පීනස ආදි රෝගවලට
මල්, කොළ, හා පොතු කෂාය කර බීම

*සරම්ප පැපොල බිබිලි ආසාදනවලට.
කතුරුමුරුංගා පොතු කෂාය කර බීම

*සුව නොවන තුවාල හා විෂ සමනයට
කොළ ඉස්ම, මදුරුතලා කොළ ඉස්ම හා ගම්මිරිස් පත හතර එකට හිඳ, පත බාගය බැගින් උදේ හවස බීම

* ආර්තව ගැටළු ඇති විට
මල් ළපටි අව්වේ වියළා කුඩුකර එළකිරි සමග පානය කිරීම

*යටිපතුල් පැලී දියර ගලන විට(කඩුවේගන්)
මල් ව්යළා කුඩුකර, මී කිරි සමග මුදවා උදේ හවස ආලේප කිරීම

*පීනස, ප්‍රතිශ්‍යාව ,හා අර්ශස් සඳහා
කතුරුමුරුංගා කොළ යුෂ මි. ලි .15 කට මීපැණි ,මිශ්‍ර කර උදේ හවස, බීම

*උගුර බැරැන්ඩිවීමට
කොළ මල් ග්‍රෑම්20ක් හා ආඩතෝඩා කොළ ග්‍රෑම් 20 පත අට එකට සිඳුවා උදේ හවස පත බාගය බැගින් පානය කිරීම

*සන්ධි ඉදිමුමට
මල්, කොළ, කළු අත්තන මල් සමව ගෙන උණු දියෙන් අඹරා දිනකට වරක් ගෑම

Comments

Popular posts from this blog

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ

හදවතේ හිතවතා ගොරකා- ( Garcinia cambogia )

චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා. මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. එළ හා රත් ගොරකා ප්‍රභේද ආහාර හා ඖෂධ සඳහා යොදාගනු ලබනවා. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි. රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කි