Skip to main content

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)



නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා.

සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි.
අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා.
මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා

කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි.
රක්ත පිත්ත දෝෂ දුරු කරනවා.
වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැලීම් අස්ථි බිඳීම් ආදියේදී උපකාරයට එනවා. ප්‍රති ශක්තිය වර්ධනය කරනවා.
දරු උපත් වලදී මවට, පහසුව සලසන එය උපත් පාලන හැකියාවෙන්ද, යුක්තයි.
කොහොඹවල ඇති ජෙඩුනින් රසායනය පිළිකා නාශක ගුණයෙන් යුතු බැවින් මුඛ පිළිකා වළකන අතර සිරුරේ අනෙකුත් පිළිකා ඇතිවීම ද අවම කර දෙනවා .
දියවැඩියා රෝගීන් දීනකට කොහොඹ කොළයක් දෙකක් සපා කන්නේ නම් එම රෝගය පාලනය වන බව සඳහන්.
ස්නායු දුර්වලතා නිසා ඇතිවන හිසරදය දුරු කිරීමට කොහොඹ වලට හැකි අතර ඒ සඳහා කොළ කොටා එළකිරෙන් තම්බා අඹරා උදෑසන හිස ගල්වා පැය තුනකට පසු ඇල්දිය නෑම ,දින තුන හතරක් කළ යුතුවනවා.

කොහොඹවල ඇති විෂ බීජ නාශක ගුණය නිසා පැපොල රෝගීන්ගේ යහනෙහි කොළ අතුරා ලීමේ සිරිතක් පවතිනවා.
පැපොල සරම්ප රෝගවලින් සෑදෙන තුවාල කැළැල් මැකීමටත් වෙනත් දද කුෂ්ට රෝග සුව කිරීමටත් අමු කහ කොහොඹ කොළ සමග කොටා ආලේප කිරීමෙන් හැකිවනවා. එමගින් සියලු විෂබීජ විනාශව සම නිරෝගිව පැහැපත් වන බව සඳහන් .
දලු කොළ යුෂ ද බැක්ටීරියා ආසාදන දුරුකර කුරුළෑ ලප ඉවත්කර සම නිරෝගි කරන්නක්.
සම පැහැපත්වීම සඳහා කොළ තම්බා බීම මෙන් ම, කොළ යුෂ එළකිරි සමග බීමද පලදායක යි. එළ කිරි මිශ්‍ර පානයෙන් මල බුරුල්වීමද සිදුවනවා.
කොහොඹ පොතු තැම්බූ ජලය හෝ කොළ යුෂ සතියකට වරක් උදෑසන හිස්බඩ පානය කිරීමෙන්, මල බුරුල්වීම මෙන්ම ලේ පිරිසිදු වීම ද සිදුවනවා.
ඇස් රෝග ඇතිවිට අමු කහ සමග කොළ තම්බා ඇස් සේදීමෙන් සහන ලබාගත හැකියි.
කොහොඹ කොළ යුෂ මීපැණි සමග පානය කිරීමෙන් සෙංගමාලයත්, සෙම් රෝගත් පාලනයවෙනවා.
තුවාල නිසා ඇතිවන කැසීම් වැළැක්ව්මට කොහොඹවලට හැකි යි. ඒ සඳහා කොළ යුෂ, නෙල්ලි යුෂ හා එළඟි තෙල් සමග උදය සවස බොන්නට දෙනවා.
කොහොඹ පණු රෝග දුරු කරන අතර ඒ සඳහා කොළ යුෂ මේස හැන්දක් මීපැණි තේ හැඳි දෙකක් සමග දින දෙකක් හිස්බඩ පානය කළ යුතු බව සඳහන්.

ඉස්සොරි දුරු කරමින් හිස කෙස් නීරෝගිව වවා ගැනීමට, කොහොඹ කොළ අමුකහ සමග අඹරා ගොඩපර නානු සමග මිශ්‍රකර හිස් කබලේ තවරා හොඳින් සම්බාහනය කර විනාඩි 20 කින් පමණ සෝදා හැරීම සුදුසුයි.
මෙම සත්කාරය සෙම් පීනස් රෝග ඇතිවිට සුදුසු නැහැ .
කොහොඹ කොළ තම්බා හිස සේදීමද හිසකෙස් වලට හිත කරයි.

කොහොඹ කොළ යුෂ කහ සමග මිශ්‍රකර සිරුරේ ගැල්වීමෙන් සිරුර පැහැපත්කර ගැනීමට ඈත අතීතයේ සිටම ඉන්දියානු කාන්තාවන් පුරුදුව සිටිනවා. ඔවුන්,ඒ සඳහා කොහොඹ දලු වියලා ගත් කුඩු ද භාවිතා කරනවා.
කොහොඹවල ඇති සමටත් හිසටත් සුවිශේෂ ගුණ නිසා එමගින් විවිධ සබන් ෂැම්පු ආලේපන ද වෙළඳ පොළට නිෂ්පාදනය වී තිබෙනවා.

මුහුණට කොහොඹ සත්කාර

*ආසාදන දුරලීමට
වතුර කෝප්පයකට කොහොඹ, කොළ 15-20 ක් දමා බාගයක් වනතුරු සිඳුවා එම ජලයෙන් මුහුණ කීපවිටක් සේදීම

* කුරුලෑවලට
කොහොඹ කොළ 15-20 ක් ජලය සමග රත්කර අඹරා පල්පයක් සදා කුරුලෑවල තවරා වේලෙන්නට හැර සෝදා හැරීම
*කොළ අමු කහ සමග කොටා ගැල්වීම

*සමේ තෙල් වැඩි ගතියට
කොහොඹ කොළ අඹරා පල්ප කර ඊට ලෙමන් යුෂ බිංදු 4-5ක් එක්කර තවරා විනාඩි 20 කුන් සෝදා හැරීම

*වියළි සමට
කොළ 10-12ක් පල්පකර මිදි ඇට තෙල් බිංදු 3-4 යොදා මුහුණේ තවරා විනාඩි20 කින් සෝදා හැරීම.

*බ්ලැක් හෙඩ්ස් වලට
කොහොඹ තෙල් ගා වතුර සමව ගෙන මිශ්‍රකර කළු ලප ඇති තන්හි ගල්වා. විනාඩි 10 කින් සෝදා හැරීම
මෙය දිගටම කිරීමෙන් කළුලප සෑදීමද නවතිනු ඇති.

*මුහුණ පැහැපත් කිරීමට
කොහොඹ කොළ 10-15 ක පල්පය අඹරාගත් කහ කෑලි හා ජලය මිශ්‍ර කර තවරා විනාඩි 20 කින් සෝදා හැරීම.

Comments

Popular posts from this blog

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ

හදවතේ හිතවතා ගොරකා- ( Garcinia cambogia )

චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා. මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. එළ හා රත් ගොරකා ප්‍රභේද ආහාර හා ඖෂධ සඳහා යොදාගනු ලබනවා. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි. රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කි