Skip to main content

සිරුර රැක දෙන පෝෂක ගබඩාව (ආමන්ඩ් )



 පෝෂක ගබඩාවක් ලෙස වර්තමානයේ ලොව පුරා ප්‍රචලිතව ඇති ආමන්ඩ් වසර දහස්,ගණනක පෙර සිට මැද පෙරදිග රටවල , සිරුර නිරෝගී කරගන්නට ඖෂධීය ආහාරයක් ලෙස යොදාගනු ලැබූවක්.
පසුකාලීනව ඉන්දියාව පකිස්ථානය ආදී අප සමීප රටවලට ද හඳුන්වා දෙනු ලැබූ ආමන්ඩ් Rosacea පවුලට අයත්වන්නක්. ආමන්ඩ් ඇටද ඉන් සකසාගන්නා කිරිද , තෙල් ද ආහාර හා ඖෂධීය වටිනාකමින් යුක්තයි.
විටමින් සපිරි ආමන්ඩ් , E B ප්‍රභේද හා K වලින් වඩාත් පොහොසත්. එය යකඩ කැල්සියම් මැග්නීසියම්, මැන්ගනීස් කොපර් සින්ක් තන්තු ෆෝලේට් ප්‍රෝටීන් හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින්ද සන්නද්ධයි.
දරුවන් මෙන්ම වැඩිහිටියන්ගේත් සම ආරක්ෂාකිරීමේ සුවිශේෂ කාර්යයක එය නිරතවෙනවා .
චර්ම රෝග පාලනය කරන ආමන්ඩ් සමේ කුරුලෑ ලප කැළැල් , රැලි වැටීම්, රළු වීම් , වළකා සම පැහැපත්කර ලනවා. හිරු රශ්මියෙන් ඇතිවන අවපැහැවීම් දුරලනවා . සම වියපත්වීම පමාකර දෙනවා. වැඩිහිටියන්ටද තරුණ පෙනුම ළඟාකර දෙන අතර ළදරු සමද සුසිනිඳුව තබමින් රැක දෙනවා .
ඒනිසා එය බොහෝ ළදරු හා රූප ලාවණ්‍ය නිෂ්පාදන සඳහාත් යොදා ගනු ලබන්නක් .
ආමන්ඩ් ඇට කිරි සමග රැයක් පොඟවා අඹරා මුහුණේ පේස්ට් එකක් සේ ගල්වා විනාඩි 20 ක් තබා සෝදාහරින සත්කාරයෙන් සම රැලි වැටීම් දුරුකර පැහැපත්ව තබාගත හැකි බව සඳහන් .
ආමන්ඩ් තෙල් සම ගැල්වීමෙන්ද එම ප්‍රතිපල ලබාගත හැකියි

ඇස්වලට ගුණදායී E විටමින් බහුල ආමන්ඩ් ඇස්වල පෙනුම ද වර්ධනය කර දෙන්නක්.
ආමන්ඩ් තෙල් ගල්වා සම්බාහනය කිරීමෙන් ඇස් යට ඇතිවන කළු පැහැය ත් දුරු කළ හැකියි.
ආමන්ඩ්ඇට පොඟවා කිරිසමග ,අඹරා ඇස්වටා ගල්වා විනාඩි දෙක තුනක් ඇස් වටා සම්බාහනය කර විනාඩි 10 කින් සෝදා හැරීමේ සත්කාරයෙන් ඇස්වල අඳුරු පැහැ දුරුවී ඇස් දීප්තිමත්වන බව ද සඳහන්.

2014 දී අමෙරිකානු හර්ද රෝග සංගමය ආමන්ඩ්වල ඇති ප්‍රති ඔක්සිකාරක ගුණත් සමග එය හර්ද රෝග හා ආඝාත අවදානම දුරලන්නක් බව පෙන්නා දුන්නා .
නවතම බටහිර පර්‍යේෂණයකින් හෙළිවී ඇත්තේ දිනපතා ඇමන්ඩ් ඇට කෝප්ප 1/3 බැගින් ආහාරයට ගැන්මෙන් හර්ද රෝග අවදානම අවම කරගත හැකි බවයි
හදවතෙහි මිතුරකු ,වන ආමන්ඩ් සතුව රුධිනාල ඝනව තැබීමේ හැකියාවක් පවතිනවා. එය මනා රුධිර සංසරණයකට උපකාරිවෙමින් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර දෙනවා.

එය සතු කැල්සියම් හා K E විටමින සිරුරේ අස්ථි හා දත් ශක්තිමත් කරමින් නිරෝගිකර දෙනවා . ඇට දිරායාම් පමා කරලමින් ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝගවලට වැට බැඳ තබනවා.
එසේ ම නිය පොතු ශක්තිමත් කිරීමටත් හිසකෙස් වර්ධනයටත් එය උපකාරිවනවා .

රුධිරගත සීනි පාලනය කිරීමටද ආමන්ඩ්වලට හැකියි. එහි අඩු කැලරි ප්‍රමාණයක් අඩංගුවන අතර සිරුරේ බරද අඩු කර දෙනවා .
දිනකට ආමන්ඩ් ඇට අවුන්ස2ක් ආහාරයට ගැන්මෙන් සීනිපාලනය කර ගත හැකි බව සඳහන්.

2015 දී කෙරුණු පර්‍යේෂණයකදී ආමන්ඩ්වල ඇති පිළිකා නාශක ශක්තිය ගැන ද අනාවරණය වුණා.
එහෙයින් එය ආහාරයටගැන්මෙන් පිළිකා අවදානම අඩුකරගත හැකියි.
ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයක් ඇතිකරන ආමන්ඩ් මොළයේ ක්‍රියාකාරිත්වයත් වර්ධනය කර දෙන්නක්. එමගින් මතක ශක්තිය වර්ධනය වනවා.
ආමන්ඩ් ඇට 20 ක් 30ක් රෑ පෙඟෙන්නට දමා පොත්ත අතුල්ලා සෝදා හැර වතුර වීදුරුවක් සමග බ්ලෙන්ඩ් කර ගැන්මෙන් ආමන්ඩ් කිරි සාදා ගත හැකි අතර අවශ්‍ය නම් සීනි මීපැණි චොකලට් කුඩු ආදිය දමා වඩා රසවත් කරගත හැකියි.

Comments

Popular posts from this blog

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ

හදවතේ හිතවතා ගොරකා- ( Garcinia cambogia )

චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා. මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. එළ හා රත් ගොරකා ප්‍රභේද ආහාර හා ඖෂධ සඳහා යොදාගනු ලබනවා. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි. රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කි