Skip to main content

දීර්ඝායුෂ ගෙනෙන සිරුරේ ආරක්ෂකයා කොට්ටම්බා/කොට්ටන් (Terminalia catappa)


  විවිධ රෝග, පාලනය කරමින් දීර්ඝායුෂ ලබා දෙන්නක් සේ සැළකෙන කොට්ටම්බා විසල් කොළ සහිතව අලංකාර රටාවකට අතු විහිදෙන, ශාකයක් . උදෑසනම පිපෙන පියකරු මල් නිසා
'පුබුදන්නා ' ලෙස හැඳින්වෙනවා
ආසියානු අප්‍රිකානු ඕස්ට්‍රේලියානු රටවල් ගණනාවක දක්නට ලැබෙන ශාකය ප්‍රභේද 80කින් පමණ යුක්තයි. මෙරට බටු හා පෙතන් වශයෙන් ලොකු කුඩා දෙවර්ගයක් ඇති බව සඳහන්.

යුරෝපීය රටවල වටිනා ඖෂධිය ආහාරයක් සේ සැලකෙන ආමන්ඩ් ඇටවලට රුවින් ගුණයෙන් කොට්ටන් ඇට සමානවන නිසාදෝ tropical almond, ඉන්දියන් ආමන්ඩ්, මලබාර් ආමන්ඩ්, යනාදි නම්වලින් කොට්ටන් හඳුන්වනු ලබනවා.
ඉදුණු විට රතු හා කහ පැහැති ගෙඩි දක්නට ලැබෙන අතර පොත්ත අසල ඇති මාංශල කොටස පලතුරක් සේත්, ඝන ඇටය තුළ ඇති දුඹුරු පොත්තකින් වැසුණු සුදු මදය ඇට වර්ගයක් සේත් ආහාරයට ගනු ලබනවා.
ඇටයේ පොත්ත හැර බැද කුඩුකර කිතුල් පැණි හා මිශ්‍රකර අග්ගලා සකසනවා.
. එය බැදීමෙන් මෙන්ම පිසීමෙන්ද, ආහාරයට ගත ,හැකි වුවත් වඩාත් ගුණදායකවන්නේ අමුවෙන් ආහාරයට ,ගැනීමෙනුයි.
විටමින් E බහුල B-නියැසින් ප්‍රෝටීන්, යකඩ සින්ක් මැග්නීසියම් පොටෑසියම් තන්තු අසංතෘප්ත මේද ඇමයිනෝ අම්ල ආදි පෝෂක ගණනාවකින් සපිරි කොට්ටන් ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිශක්තිකරණ ගුණවලින්ද පොහොසත්.
එහි ඇති සෙලනියම් මැන්ගනිස් හා ෆැවනොයිඩ් සිරුරට හිතකර විශේෂ කාර්‍යයන් ඉටුකර දෙනවා .

කොට්ටන්, වට්ටක්කා, කජු රටකජු වැනි ඇට වර්ග ආහාරයට ගැන්මෙන් දීර්ඝායුෂ හිමිවන බව බ්‍රිතාන්‍ය ආහාර සංවිධානය කළ පර්යේ ෂණයකින් හෙළිවී තිබෙනවා.

අමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්‍යේෂණාංශය වසර 20 ක් පුරා පුද්ගලයන් 119000 කගේ ජීවනරටා අධ්‍ය‍යනයෙන් කළ සොයා බැලීම්වල දී ද කොට්ටන්, ඇතුළුඇට වර්ග ආහාරයෙන් දීර්ඝායුෂ ලැබෙන බව තහවුරුකර ගත්තා.
ඒ අනුව දිනපතා ඇට මිට, බැගින් හෝ ඊට වැඩියෙන් ආහාරයට ගත් අයගේ මරණ අනෙක් සාමාන්‍ය අයගේ මරණ අවස්ථාවන්ට වඩා පස් ගුණයක අඩුවීමක් පෙන්නුම් කළා .
සතියකට වරක් පමණක් ඇට ආහාරයට ගත් අය ද එසේ නොගත් පිරිසට වඩා 7% කින් ජීවිත කාලය දිගු කරගත්තා.
ඇට වර්ග, පිළිකා හා සටන් කළ හැකි සූක්ෂ්ම අණුක සහිත සෛලවලින් යුතු බව පර්යේෂකයන් පෙන්වා දුන්නා.

කොට්ටන් ඇට මෙන්ම ලෙල්ල සහිත ප්‍රදේශයත් පෝෂ්‍ය ගුණයෙන් සාරවත්. එය ප්‍රෝටීන්වලින් පොහොසත් .තන්තු සහිත කහට රස මිශ්‍ර ලෙල්ල ආශ්‍රිත මදය, රුධිරගත සීනි පාලනයට උපකාරිවනවා. එය ආහාර ජීර්ණ පද්ධතියටත් හිතකරයි.
සම ඇස් දත් හදවත ආදී ශරීරාංග දිගුකලක් සුවපත්ව තැබීමේ හැකියාව කොට්ටන් සතුයි.
දිනපතා ඇට ආහාරයට ගැන්මෙන් පිළිකා පමණක් නොව, හදවත් රෝග ද දියවැඩියාවද පාලනය වනවා. පිත්තාශයේ ගල් සෑදීම වළකිනවා. ස්ථූලතාව පාලනයවනවා.
මනා රුධිර ධාවනයක් සිදුවන අතර කොලෙස්ටරෝල් මට්ටම පාලනය වනවා . ආඝාත අවදානමද අවමවනවා.
කොට්ටන් සම රැක දෙන අතර චර්ම රෝග, ආසාදන, කුරුළෑ ලප කැළැල් දුරු කර පැහැපත් කර දෙනවා.
කොට්ටන් ඇට හා අමු රෝස කැකුළු එළකිරෙන් අඹරා ගෑමෙන් සම පිරිසිදුවී සමේ වියළි බව දුරුවී පැහැපත් වන බව දේශීය වෛද්‍ය ලේඛන වල සඳහන්.

ඇස්වල සුද ඇතිවීම, කල් දැමීමටත්, විවිධ ඇස් රෝග වළක්වාලීමටත් කොට්ටන්වලට හැකියි.

එය දත් හා අස්ථි ද ශක්තිමත් කර දෙන්නක් වන අතර ඔස්ටියෝ පොරෝසිස් රෝග අවදානම අඩුකිරීමට දායකවනවා.
හිසකෙස් වැටීම අඩුකර වර්ධනය කර දෙනවා.

කොට්ටන් බැක්ටීරියා, නාශක ගුණයෙන් ද යුක්තයි. එය ,අජීර්ණ පළවා හරින්නක් . ප්‍රති ප්‍රදාහ ගුණ සහිත එය සන්ධි ආබාධවලට එරෙහිවද ප්‍රතිචාර දක්වන්නක්.
ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට කොට්ටන් උපකාරිවනවා.
එය මොළය වියපත්වීම, පමාකරමින් මතක වර්ධනය කර දෙනවා. වියපත් වීමේ දී ඇතිවන වෙව්ළිම් අසමතුලිතතා ආදිය පාලනය කිරීමට ද උපකාරිවනවා.
දිනපතා තේපානයේදී එක්කරගන්නා රස කැවිලි වෙනුවට කොට්ටන් ඇට ග්‍රෑම් 30ක් පමණ එක්කරගත හැක්කේ නම් එය ශරීර සෞඛ්‍යයට ඉතා හිතකරවෙනවා.

Comments

Popular posts from this blog

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ

හදවතේ හිතවතා ගොරකා- ( Garcinia cambogia )

චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා. මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. එළ හා රත් ගොරකා ප්‍රභේද ආහාර හා ඖෂධ සඳහා යොදාගනු ලබනවා. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි. රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කි