Skip to main content

සිරුර නිරෝගි කරන ශක්ති කාරකය වියළි මිදි



යකඩ කැල්සියම් පොටෑසියම් ප්‍රෝටින් කාබොහයිඩ්‍රේට් සින්ක් , විටමින් C K A B වැනි විවිධ පෝෂණ සංඝටක වලින් පොහොසත් වියළි මිදි, ප්‍රති ඔක්සිකාරක ගුණ සපිරි වටිනා ආහාරයක්. එහි ග්‍රෑම් 100ක් කිලෝ කැලරි 299 කින් යුක්තයි.
එය ආයුර්වේදයේ බොහෝ රෝග වලට ප්‍රතිකාර සඳහා යොදා ගැනෙනවා. සෙම් රෝග සඳහා ප්‍රති ජීවක ගුණ ලබා දෙමින් සෙම් රෝග සමනය කර දෙනවා.
නිරෝගි පුද්ගලයන්ටද ඒ ආහාරයට ගැන්මෙන් බොහෝ රෝගවලින් වැළැකිය හැකි බව සඳහන්. එය බැක්ටීරියා හා වයිරස් රෝග වළක්වන්නක්.
වියළි මිදි දිනපතා ආහාරයට ගැන්මෙන් ප්‍රතිලාභ රාශියක් අත්කර ගත හැකියි. ඒවායේ ඇති පෘක්ටෝස් හා ග්ලූකෝස් ක්ෂණික ශක්තිය වඩන බැවින් මලල ක්‍රීඩකයන්ට ඉතා හිතකරයි.
එසේ ම බහුලව ඇති මැග්නීසියම් පොටෑසියම් සිරුරේ ආම්ලිකතාවට පිළියමක්. වියළි මිදි හදවත් රෝග අක්මා රෝග, ආතරයිටීස් හා වකුගඩු රෝග, වැළඳීමේ අවදානම අවම කර දෙනවා.
එහි ඇති පොලිපිනෝල් පිළිකාවලට එරෙහිව ක්‍රියාකරන්නක් බැවින් පිළිකා පාලනය කිරීමට උපකාරයක්වෙනවා
කැල්සියම් හා ඛනිජ ලවණ, සිරුරේ අස්ථි ශක්තිමත් කරනවා. දත්වල සුවය රකිනවා . දත් දිරීමට ලක්කරන බැක්ටීරියා මඬින රසායන පහක් ඒවායේ අඩංගුයි . එමගින් දත් මුල් දියවීම් , දත් දිරායාම් වලකිනවා.
එහි අඩංගු බොරෝන් මගින් වියපත් කාන්තාවන්ට ඇතිවිය හැකි අස්ථි දුර්වලතා වළකා ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝගවලට ද වැට බඳිනවා.
වියළි මිදිවල ඇති ආනින් ඇමයිනෝ අම්ලය ලිංගික සෞඛ්‍යය වර්ධනය කරන්නක් හා ලිංගික හැකියාව උත්තේජනය කරන්නක්. එය පිරිමින්ට ඇති දරුපල අහිමි අපහසුව දුරලමින් ශුක්‍රාණු වර්ධනය කර දෙනවා.
විවිධ ආසාදනවලින් සිරුර බේරාගන්නා, ප්‍රතිබැක්ටීරියා හා ප්‍රති ඔක්සිකාරක නිසා දෙඇස් අහිතකර කිරණවලින් ආරක්ෂා කරන්නටද වියළි මිදිවලට හැකියි. ඇස් අන්ධවීමට බලපාන , අක්ෂි රෝග වලින් වැළකීමට ඒවා සහාය වෙනවා.
එසේ ම වායු ගෙඩි ඇතිවීමට එරෙහිව ද ක්‍රියාකරනවා.
සිරුරේ ප්‍රතිශක්තිකරණ. ශක්තිය වර්ධනය කරනවා.. අධි රුධිර පීඩනය පාලනය කිරීමට දායකවෙනවා. හිමොග්ලොබින් ඇතිකරන යකඩ වලින් රුධිරය වර්ධනය කර නීරක්තිය දුරුකරනවා .
නිදහස් කිරණ වලින් සිරුර ආරක්ෂාකරන
ප්‍රතිඔක්සිකාරක නිසා බඩවැල් පිළිකාවලට වැට බැඳීමටත් වියළි මිදි උපකාරි වෙනවා. එසේ ම ජීර්ණ ප්‍රදේශය පිරිසිදු කරමින් ජීර්ණ ක්‍රියාවලියටත් සහායවනවා. ඒවායේ කෙඳි ජලයේ දියවී නොයන බැවින් ඉන් පහසුවෙන් මල බද්ධය දුරුවනවා.
අහිතකර මේද තැන්පත් නොකර සිරුරු පුෂ්ටිමත් කිරීමේ හැකියාව ත් වියළි මිදි සතුයි . පෝෂණ ඌණතා ඇති කෘශ දරුවන්ට එය විටමින් ටොනික් එකක් වැනියි.
වියළි මිදි අපේ සම කෙරෙහිත් හිතකර ලෙස බලපානවා. ඒවායේ ඇති සින්ක් නිසා සම රැලි වැටීම් සමේ වර්ණ වෙනස්වීම් වළකිනවා. සම නිරෝගීව තබමින් පැහැපත් පෙනුමක් ලබාදීමට එය හේතුවෙනවා.
සින්ක් මගින් හිසකෙස් වැටීමත් වළකන බැවින් ඉන් හිසකෙස් ද හොඳින් වැඩෙනවා.
*මුත්‍රා දැවිල්ල හා මුත්‍රා පිටකිරීමේ. අපහසුතාව ඇතිවිට වියළි මිදි ග්‍රෑම් 50ක් පේර කොළ ග්‍රෑම් 10ක යුෂ සමග මිශ්‍රකර උදේ සවස ගැනිමෙන් සහනය අත්වන බව සඳහන් .
*ඉන්සියුලින් ලබා ගන්නා දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම අනවශ්‍ය ලෙස පහත වැටීම වැළැක්වීමට වියළි මිදි ගෙඩි දෙකක් කෑම හිතකර බව සඳහන්වනවා .
*කුඩා දරුවන්ට රාත්‍රි නින්දේ දී මුත්‍රා පිටවීම වැළැක්වීමට ,නින්දට පෙර වෝල්නට් ඇට දෙකක් සමග වියළි මිදි ගෙඩි පහක් ලබාදීම පලදායක බව ත් සඳහන් වෙනවා.

දිනපතා වියළි මිදි අහුර බැගින් ආහාරයට ගල්ගැනීමෙන් සිරුරට එහි වාසි අත්කර ගත හැකියි.
*එහෙත් ප්‍රතිජීවක ඖෂධ ගන්නා විටත්, ප්‍රති විෂාද හා මානසික අවපීඩන සඳහා ඖෂධ ගන්නාවිටත් , වියළි මිදිවල ඇති පිරමින් අහිතකර වියහැකි බැවින් එවැන්නන්ට වියළි මිදි ගැන්ම සුදුසු නැහැ.

Comments

Popular posts from this blog

රස ගුණ දෙන රුව වඩවන කොත්තමල්ලි කොළ (Coriander leaves)

වා පිත් සෙම් යන තුන් දොසම සමනය කළ හැකි කොත්තමල්ලි කොළ, විටමින් A C K බහුල, යකඩ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් තයමින් නයසින් ආදි පෝෂක ගණනාවකින් සරු ප්‍රතිඔක්සිකාරක ගුණෙන් පිරි වට්නා ඔසුවක්. ශාකය Apiaceae කුලයට අයත්. ආහාර බඳුන් සැකසීමටත් සැරසීමටත් , රසකාරකයක් ලෙසටත් යොදාගන්නා කොත්තමල්ලි කොළ, බත් , සලාද , සම්බෝල , චට්ති සුප්, බීම යනාදි විවිධ මාර්ගවලින් ආහාර පානවලට එක්කොට ගෙන එහි වාසි සිරුරට අත් කරගත හැකියි. රෝග දුර ලන්නක් මෙන් ම දාහය නිවන්නක්, ආහාර රුචිය වඩන්නක්, රුධිරය පිරිසිදු කරන්නක්, සම පැහැපත් කරන්නක්, හා තරුණ පෙනුම රඳවා තබන්නක් මෙන් ද කොත්තමල්ලි කොළ ක්‍රියාත්මක වනවා. සමේ රෝග සුවකර සම රැලි වැටීම් වළකා සමෙහි තෙත් බව රැක දෙනවා . සිරුරේ අසාත්මිකතා අඩුකරලනවා. මුත්‍රා මාර්ගයේ , මුත්‍රාශයේ, ආසාදිත අවස්ථාවලදී උපකාරීවනවා. .ආහාර මාර්ගයේ ප්‍රදාහයන් හා උදර වේදනා , දැවිලි දුරු කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. පිපාසය නිවනවා. හදවතට ඇස්වලට හිතකරයි. මුඛ

සම ඔප කරන සුවිශේෂ බහු රෝග නිවාරකය කොහොඹ (Azadirachta indica)

නිවසට සෞභාග්‍යය ගෙන එන්නක් සේ අතීතයේ සිටම සැලකෙන කොහොඹ, නිවැසියන්ගේ සෞඛ්‍යය වැඩීම සඳහා වෙසෙසින් දායක වන අතර එය නිවසේ අනිවාර්යයෙන් වවා ගත යුතු වටිනා ඖෂධීය ශාකයක් ලෙස හැඳින්වෙනවා. එමගින් ගෙවත්තේ විෂබීජ දුරුවී පරිසර වාතය පිරිසිදු වන බවට විශ්වාස කෙරෙනවා. සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි. අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා. මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා කොහොඹ සීතලයි. සැහැල්ලු, ගති සහිත යි. මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි. රක්ත පිත්ත දෝෂ දුරු කරනවා. වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැ

හදවතේ හිතවතා ගොරකා- ( Garcinia cambogia )

චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා. මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. එළ හා රත් ගොරකා ප්‍රභේද ආහාර හා ඖෂධ සඳහා යොදාගනු ලබනවා. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි. රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කි